Thursday, September 7, 2017

"සුලං සීනූ" ☺️

"ඔබ දන්නවද මේ හිත ගාව
තුන් තිස් පැයේ ඔබ ඉන්න බව ...
හිත දන්නවද .. ඒ සුලං සර
ඔබෙ සුවඳ රහසින් ගෙනෙන වග...
සිහිලැල් පවන් මගෙ හිත අරන්
ඔය දෑස් අද්දර පිපෙන සද..
හිත පරිස්සම් හරි ආදරෙන් යලි
ගැයෙනකම් නුඹ නොවෙද මගේ කව...

හරි රටාවට හැඩ  වැඩ දමා ඒ
සුලඟ සවනෙහි ගී ලියනවද..
ඉඳලාම හිටලා මටත් වැඩියෙන්
ඒ ගීය හැඩදැයි හිතෙනවද..
අන්න එවෙලෙට මටත් රහසින්
දුර ඈත හිත  ඇවිත් යනවද..
ඔය සුලං සීනුව මම නොමැති රෑ
ලඟ පාලු  තනි හීන දෙනවද..

පුලුන් රොදකට වාගේ අත්තටු
තිබ්බ නම් මෙහෙ ඇවිත් යනවද..
ඔබ නැතුවාට ඒ ඇහැල ගස් මත
එක සීරුවට මල්  කියා හිතුවද..
පිපෙන පිපෙනා මලක් ගානෙම
හිත යන්නෙ නෑ සුවඳක් දැනෙනවද..
එක මලක් නම් හරි පරිස්සම් මේහ්
සුලං පොද මිමිණුවා ඇහුනද.. " ❤️

~මානි~ ☺️✒️

No comments:

Post a Comment