Tuesday, September 21, 2021

මහ වැස්සක පෙර නිමිති පේනවා

 "පලමුව විදුලියක් සේ ඇස ගැසෙනු මැන..

 දෙවනුව අහස් ගිගුරුම සේ ඇසෙනු මැන..

 තෙවනුව නැවුම් සුවඳින් හද පුරවමින...

 නුඹ මට පොකුරු වැස්සක් සේ වසිනු මැන.. " 🌸


- මහගමසේකර - 


මහා වැස්සකට පෙර!! ❤


Clicked by @samsung.galaxy.m11

Edited @lightroom

#මානිගේ_සේයාරූ 📸





Sunday, September 12, 2021

මානිගේ Travel මතක!!

 මේක අලුත් වැඩක්. තව කිහිප තැනකම ට්‍රයි කරලා මගේ කම්මැලිකම හින්දම වැඩේ Continue නොවුනත් ටිකක් විතර ඇදගෙන ආපු මගේ බ්ලොග් එකෙන්ම මේ වැඩේ කරන්න තමා බලාපොරොත්තුව...

කොරෝනා හින්දා ජීවිතේම එක තැන පල් වෙන කාලෙක.. ජිවිතේ නිදහසේ ජිවත් උනු අවුරුදු වල මතක එක්ක මාරුවෙන් ඇදගෙන යන මේ කාලේ මිනිස්සු ඉන්නේ ස්ට්‍රෙස් එකේ උපරිමේ.. රටේ ආර්ථිකය වේවා ,කොරෝනා වේවා , ඩෙල්ටා වේවා අපි ඔක්කොම මේ කරන්නේ මරණ තුනක් නෙවේ හත අටක්ම තියාගෙන පැණි කන එක.. 

ඉතින් එහෙම පැණි කන ගමන් දැනුමටයි, අතීතයේ සුන්දර මතක ආයෙත් මතක් කරගන්නයි, මගේ මතක ටික මේ අන්තර්ජාලේ කොහේ හරි සේව් කරන්නයි මේ සේරටම මන් හිතුවා එහෙ මෙහෙ ගිහින් ගත්තු ලංකාවේ සුන්දර තැන වල ෆොටෝස් ටිකක් බ්ලොග් එකට දාන්න.. පුංචි විස්තරේකුත් එක්ක.. 

එක අතකට කොරෝනා අස්සේ අම්මල ඒ කාලේ කරේ මොනවද ඇහුවම ලුඩො ගහපුවා ෆිල්ම් බලපුවා , කර්ෆිව් අස්සේ පාස් හදාගෙන වැඩට ගියපුවා එක්ක අම්මා බ්ලොග් එකකුත් ලිව්වා පුතේ කියන්නවත් මේ යස්ස කොරෝනා අපිට ඉඩක් දුන්නොත්... 

ඒවා වැඩක් නැති කතා.. බ්ලොග් එක අප්ඩේට් කරන්න මොනවම හරි කරන්න ඕනි කියන උවමනාව මිසක් ඇත්තටම ලියන්න ලොකු දෙයක් ඔලුවට නොඑන පුදුම වසංගත කාලයක් මේක .. 

ඒ නිසා දෙයියනේ  කියලා හුස්මක් කටක් අරන් ආයේ මාස්ක් නොදා ඇවිද්ද පය දහස් වටි කියල නිදහසේ ඇවිදින්න ලැබෙනකන් ඒ මතක ටිකත් මේකට එකතු කරන්නම්...

සහ මේක පිටිපස්සේ පුංචි අධ්‍යාපනමය අභිමතාර්තයකුත් තියනවා ..


එහෙනම් එකතු වෙන්න ... මේ මානිගේ ට්‍රැවල් මතක ...

 එක අතකට මේ මානි ජිවත් වෙන ලෝකේ නෙවෙයි... 


මානි ඇතුළු අපි හැමෝටම දැන් අහිමි.. අපි ජිවත් වුනු ලෝකේ... 


#මානි


Moragahakanda Main Dam - Sri Lanka