Skip to main content

Posts

Featured

Little House On the Prairie 🏕️

සමහර නිර්මාණ ජීවිතෙ විවිධ අවස්ථාවල ආයේ ආයේම  රස විඳින්න කියලා කතාවක් තියෙනවානෙ... කාලෙත් එක්ක අපිට ඒ දේවල් දැනෙන විදිය වෙනස් වෙන්න පුලුවන් නිසා. අවුරුදු එකොළහක පුංචි කෙල්ලෙක් විදියට Little House කියවපු මට, සීරීස් එක බලද්දී දැන් ලෝරාට වඩා, ලෝරාගේ අම්මා කැරොලයින් ව දැනෙන්න පටන් ගන්නවා. තමන්ගේ සතුට සැනසීම, ආදරය, පවුල හැමෝම හිටපු විස්කොන්සින් මහා වනය අතෑරලා දාලා, ජීවිතේම ආවරණය කරපු ගැලකට පටවාගෙන, අප්පච්චීත් එක්ක ඕනිම දේකට මූණ දෙන්න බලාගෙන එළියට බහින්න එහෙම ලේසි පහසු කාන්තාවකට පුලුවන් වෙන්න බැහැ.    විස්කොන්සින් අතෑරලා ඇය එන්නේ ඇගේ හිතේ ලොකූ බියක් ඇති කරපු,නන්නාඳුනන ඉන්දියානුවෝ ඉන්න,  වෘකයො පිරුණු තැනිතලාවකට. කැන්සාස්.  කිසිම අදහසක් නැතුව වර්ඩිගිරිස් ගංගාවට බහින චාල්ස් ඉන්ගල්ස් ඇතුළු පවුලම ඉන්න ගැල, ගඟ මැද්දේදි පෙරලෙනකොට  තමන්ගේ මුළු ශක්තියම දාලා ගැල ගොඩට ගන්න චාල්ස්ට උදව් කරන්න ඇයට සිද්ධ වෙනවා. ඒ වගේම තමන් මොන තරම් බයකින් වගේම නොසන්සුන්කමකින් ඉන්නවද කියලා ඇය ලෝරාටවත්, මේරිටවත් පෙන්නන්නේ නැහැ.   ඉන්ඩිපෙන්ඩන්ස් නගරයට ආපු පළවෙනි දවසේම එහි තැපෑලක් හෝ පාසලක්...

Latest Posts

2026 අගෝස්තුවේදී ය!

ගල් භීත

වටින සති!!

අරවා මෙව්වා කතන්දර..

බාලිකා අන්දර 02 : Conference

Nuremberg Files 📁

Children! Please Live!! 🙏

Co incident or Something else? 🫢

නුඹ නැතුව නුඹ එක්ක..

When Calm Feels Like Numbness