Monday, December 5, 2016

Fight like a girl

This is for girls who stay up all night,
This is for you who are willing to fight,
For hidden fears,
Hurt, pain, and tears,
Under the smiles, laughs, and giggles we hear..   

The girls who scream and cry,
Into their pillows and tell them their goals,
For girls who have made mistakes,
And have regrets galore,
Because you fight like a girl.

For the girls who love with all their heart,
Although it sometimes gets broke,
To who think it’s over,
To real girls,
to all girls,
Who have tears to soak.
You throw, you pick up, and fall,
But just tell the world,
“I’m #beautiful,
Because I fight like a #girl.” 😊😊❤

#SRK

Friday, December 2, 2016

හිස් අහසට ...

"මකරන්ද සුවඳ
තව සිත රඳවාගෙන.. රෝස..
කැකුළු පිබිදෙනවා නම්..

අවරගිරට  මිලිනව
බැසගිය හිරු.. යලි...
අරුනෝදය ගෙන එනවා නම්..

හිස් අහස පුරා
තරු නොමැති රැයක.. සඳ..
තනිකම දරාන ඉන්නවනම්..

මට නොහැකි මන්ද..
නුඹ නොමැති දාක.. හිත..
නොහඬා රැක සැනසෙනවා මන්.. " 😊

#මානි

Thursday, November 24, 2016

සොහොන් කොතේ නුඹේ නමට....

"අතීතය මංතලාවේ අපි
වෙන්වෙලා බොහො දුර ගියාවේ..
ඉඳල හිටලා පෑරුනා හිත්
කඳුලු ඇවිදින් සැඟවුනාවේ...

මංසලෙන් මංසලක් ගානට
ජීවිතේ වකවානු ගෙවුනේ..
අලුත් හදවත් අලුත් පැතුමන්
අපෙ දිවියට පාලු මැකුනේ...

අතින් අත පැටලී ඇවිදගිය
මතක මාවත් තවත් ඇත්තේ..
ඔබත් මා මෙන් අලුත් පැතුමන්
දරා බොහො අය එහිද ඇත්තේ...

කාට කාටත් හොරට රහසින්
කාලයත් ගෙවිලා ගිහින්නේ..
මටත් පෙර මේ ලෙසින් යන්නට
කවුද ඔබහට වරම් දුන්නෙ...

තවම රඟදෙන මතක පොත මැද
ඔය සිනාවන් බැලුම් හෙලුවේ..
මාද මහලුය එදා මෙන් නැත..
වෙහෙස ඇත මට සතුට නැත්තේ..

එකට යන්නට පෙරුම් පිරු ඒ
දිවිගමන වෙන් වී ගියාවේ..
හැකිද ඔබහට එහි රැඳෙන්නට
නොබෝ දිනකින් මමත් එන්නෙ... " 😊

#මානි

Sunday, November 20, 2016

"අතරමං වී ඈ"

"නිරන්තර ලඟ රැඳෙන
ගතු කියන ඇගේ හිත..
විත්තියද පැමිණිල්ල
සාක්ෂිය නඩු අහන..

නොසන්සිඳි විඳවිල්ල
දුරක ගිය ඈ සතුට..
තවම බිඳී සිත් පතුල
අරමුණක් නොමැති හැඩ..

කතරකට දියබිඳක්
නොමගේන වලාකුළු
සමච්චල් සිනා පා..
පැනදුවන අපූරුව..

අතරමං සඳවතිය..
ඉකිබිඳුනු ඇඟෙ හඬ..
රාත්‍රිය සසල කර
ඇදී ගිය දුර බොහොම.. " :)

#මානි

Tuesday, November 15, 2016

නොදුටු "මනාලි" ය

"ඇද හැලෙන හිම පියලි
              හීනි හඬ නගාගෙන..
දොරින් දොර සීතලට
             මදින් මද තුරුලුවෙන..
විසල් මේ අහස යට
            පැතුම් පොදි පාකරන..
මුව සිනා ගෙනිවිත්ද
                 දුරුතු මස මද පවන..

පැතුම් පොදි මලු බැඳන්
                    සීතලම පවන් මැද..
ගිරි සිකර ඒ හිමේ
                    ගිලී ඉකි බිඳිනවද..
අතීතයේ මතක පොදි
                    කැටි ගැසී රිදෙනවද..
මා නොදුටු "මනාලි" ය 🌄
                      තව සිනා සලනවද..😊

ගිරිසිකර මැදින් එන
                            නත්තලේ සුබ පැතුම..
විසල් හිස් අහස් ගැබ
                            ලියවිලා සතුට පෙම..
සීනී හිම කැටි මතට
                            පෙම් බදින ක්ෂිතිජ ඉම..
තව තවත් පේවියන්
                           දුරුතු මහ කවි පෙමට... " 😊
                   
   #මානි

(මනාලි = ඉන්දියාවේ හිමාචල් හි මනාලි කඳුකරය )

Sunday, November 13, 2016

දුර ගිය හීන 🌾🐾

නුඹ  නොදන්නවාදැයි
නොදනිමි..
මම තවම සොයනා
අරුත..
කවිපදයක...
නුඹට වැටහෙනවාද
නොදනිමි..
හිත යටින් වැයෙනා
ගී පද..
සේකරත් ලිව්වාලු
කවි පද..
ලෝකයම තනි
යායකට ගෙන...
ඉකි බිඳින එක්
බිඳුනු හිතකට..
අස්වැසිල්ලක් වූවාද
කවි නුඹ..
නුඹෙන් ඇරඹී..
නුඹට ලියවී..
නුඹෙන් අවසන් නොවූ
කවියක..
එක්ම එක
නැවතීමේ ලකුණක
නතර වී මඟ බලා
ඉමි මම... "😊

#මානි

"Im broken" 💔

"අඳුරු මතක හිත අද්දර
                   බැලුම් හෙලන හින්දා..
දිවා රෑම කඳුලු බිඳින
                 ඇස් අද්දර රන්දා..
බියෙන් ගැහෙන ජීවිතයක
                  නව අරුනලු කැන්දා..
හෙට උදෙන්ම ඉර පායන්
                  පැතුම් පොදක් රන්දා..

එක් හැඟුමක එක් සුසුමක
               නුඹේ නමින් ලියලා..
කෑලි වලට කැඩී වැටුනු
             හදවත ඉකිබින්දා..
තවම හඬන ලොව නොදන්න
               සිනාසලන හින්දා..
හිත දිරි ඇති ඈ සැමදා
                  ජීවිතයම වින්දා..

කඳුලු මතක රිදවූවත්
           ජීවිතයම සැමදා..
කොතනක හෝ හැමවිටකම
         සිනහව සුව වින්දා..
ගල් මුල් මැද ජීවිතයට
         සතුටු පැතුම් කැන්දා..
ගලායන්න ගඟක් විලස
         හැඩවැඩ වී රැඳෙනා...  " 😊

#මානි

Saturday, November 5, 2016

අමරය "අමර සර" 😔

"සත්සර රාව කන්කලු නද දුන් පෙරදා..
ඔබේ අනුහසින් වීණා තත්සර නැගුනා..
පටු අදහසින් ලෝකය මුදවන පෙමිනා..
රත්න දීපයම නුඹ නාමෙන් වැයුනා...

සරනා අමරසර ලකඹර පෙර දවස..
මුමුනා අමර නද ලක්මව සසල කල..
යුගයක් එකලු වී සත්සර රාව නැග..
දෙසවන් සනසවා සැමසිත් පහන් විය..

නුඹ අතැඟිලි පහස ලැබ තත් ඉකිබින්දාද...
ඒ ඉකිබිඳු මැදින් දේශය නැලවී යාද..
යලි යලි  වයන්නට දී සත්සර අනුනාද..
ගාන්ධර්වයාණෙනි ඔබ යලි එනවාද...

නිහඬය වීණා පත් අද නැත නාද දීදී..
නුඹ හඬ ඇත රුව නැත නෙත් කැළුම් දිදී..
නිහඬය යශෝරාවය ලක් මව කඳුලු බිඳී...
අමරය "අමර සර" නිල් ලකඹර සදා රැඳී.. " 😔😔

#මානිගේ_ලෝකය

Friday, November 4, 2016

සඳ ඇති රෑක..

"සඳ පායා එන සද අර දුර ඈත..
වලාකුළු කැටි ඇත මට පා මද හාස..
හිමිහිට මුමුණලා රෑ තව කව් ගීත..
අහසත් හැඩවෙලා පුරහද ඇති රෑට..

තරු එලි මගකියන සයුරේ රළ පෙලට..
මතකය ගලා විත්  හිත් අග දුර දාක..
සඳ එලි මැදින් තනිකම විසිකර දුරක..
ගිය අඩි පාර අද මැකිලා රළපෙලට..

සත්සර රාව නංවන තුරු පෙල අතර..
සැඟ වූ කතා නෑසේ මට අතු පතර...
කිව හැකි  නම් මේ තුරු පෙල ඇති මතක..
මියගිය සිහින යලි දලු ලා වැඩෙනු ඇත...

නිහඬ රාත්‍රිය සතු සන්සුන් නිසල බව...
බිඳ දා ඇද වැටුනු සීතල කඳුලු කැට...
දියවී වැටී අරගෙන ගිය මතක රළ..
පිසදා හෙටත් හිරු අහසට නැගෙනු ඇත.. " 😊

Monday, October 31, 2016

Broken Heart 💔

The Day that your heart broken...💔
U will become one of  de most crative person on earth.. 😊😊
Bcs Broken heart is the
most creative edition of "Pain" 😊😊

Sunday, October 30, 2016

ගෙවුනු අතීතය 😊

අහස විනිවිද යවා දිදුලන
නගරයේ නෙක ආලෝක දාරා..
හෙමි හෙමින් තරු කැටත් සමඟින්..
රහස් මුමුනන රැඟුම් පානා..

නුඹෙන් දුරකට ඇදුනු හදවත..
තවම මා තුල රිදුම් දවනා..
තනිකමේ එක් විරහ ගීයක
පද එකින් එක් හදේ වැයෙනා ...

සයුරු තෙර පිට ඇඳුනු ගගනත..
නිදි නැතිව තනි රකී නොලසා..
කොතන කවුරුන් කෙසෙ වැරදිද..
තවම මා සිත නඩුව අසනා..

ජීවිතේ යලි රිදව රිදවා..
නොයෙක් දේ පවසාවි නොහඬා..
අතීතයෙ එක් මං තලාවක..
හැඟුම් පොදි ඉකි බිඳී වැටුනා... " 😊

#maani's World 😊

Saturday, October 29, 2016

ගෙවුනු බාලවිය ❤

"ඩිංග ඩිංග අඩි තිය තිය
බිංදු බිංදු පොද වැස්සට
දුවල ගිහින් තෙමිල එන්න
මටත් හිතෙනවා...

සඳ වටකර නිල් අහසට
එලිය බෙදන මිනි තරුකැට
වලාකුලක ඉගිල ගිහින්
ගන්න හිතෙනවා...

සුවඳ සරන රෝස කැකුලු
වටකර නටනා බඹරුන්
සමනල පැංචෙක් අල්ලන්
එන්න හිතෙනවා...

කිචිබිචි නාදෙන් හඬදෙන
බටිති මලිති කුරුලු එක්ක..
තටු විහිදා වලාකුලක
යන්න හිතෙනවා ....

පුංචි හීන පොදි බැදගෙන
මං ලොකූ වුනු හෙට දවසක
හැම හීනෙම එකක් ගානෙ
දිනා ගන්නවා...

ලොව වටකර සිනාසෙන්න
මුලු ලෝකෙට එලිය දෙන්න..
ගුණදම් පිරි හොඳ ළමයෙක්
වෙන්න පතනවා... " :)

#Maani's World 

#ගෙවී_ගිය_ආදරණීය_බාලවියට❤

Thursday, October 27, 2016

අලුත් ආරම්භයක්...

පිලිගන්නවා.. 
මානිගේ ලෝකයට.. මන් මේ වෙද්දී බ්ලොග් ගැන නම් මෙලෝ හසරක් දන්නේ නැ..අහල තිබ්බට කියවල තිබ්බට (ටිකක් විතර).. මේක පොඩි උත්සහයක්.. බ්ලොග්කරුවෙක් වෙන්න දරන.. මාසෙකට විතර කලින් මේක හැදුවට මොකද හිතේ තිබ්බ දෙගිඩියාව වගේ එකක් හින්ද වැඩේ අතාරින්න තමා හිතුවේ..එත් පස්සේ හිතුනා කමක් නැ ලියන්න ගන්නවා.. වෙන දෙයක් වෙයිනෙ කියල..අපි වෙනස් වෙන්න ඕනි.. මොකද ලෝකේ ගෙවෙන හැම තත්පරෙකම වෙනස් වෙනවා.. අපි විතරක් කොයි වෙලෙත් එකතැනක පල් වෙන්නේ මොකටද ...
                        නිකන්ම ලැප් එකට කොට කොට ෆ්බි එකෙයි ෆිල්ම් ටීවී සිරිස් සයිට් වල කාලේ ගෙවන වෙලාවේ පොඩි වෙනසකටත් එක්ක කරන වැඩක් මේක.. හිතට එන සිතුවිලි වලට ඉඩක් දෙන්න ඒවා අකුරු කරන එක එදා ඉඳන්ම කරන දෙයක්... ලොකුවට දේවල් නැතත් හීනියට කවියක් දෙකක් ලියාගන්න පොඩි හැකියාවක් වගේ එකක් මටත් තියනව.. එහෙන් මෙහෙන් සයිබර් අවකාශේ සැරි සරන ගමන් එහෙනම් මේ පැත්තටත් ගොඩ වෙලා යන්න..
                    දෙවන ලෝක යුද්දේ කාලේ එංගලන්තේ හිටපු අගමැතිවරයා තමයි වින්ස්ටන් චර්චිල්.. කව්ද ඉතින් e මනුස්සය නොදන්නේ... බොහොම කිර්තිමත අගමැති කෙනෙක්.. කොහොමහරි ජර්මනියේ කුරිරු පාලකය වෙච්ච හිට්ල්ර්ව ගෙදර යවල ලෝකෙට සාමය ගෙන්න සැහෙන වැඩ කොටසක් කරපු කෙනෙක්නෙ.. ඉතින් මේ කතාව චර්චිල් යුද්දේ කරපු හැටි ගැන නෙමේ.. චර්චිල් දවසක් යනවා එයාගේ පරණ ඉස්කෝලෙට..තෑගි ප්‍රධාන උත්සවෙට් වගේ කියල හිතමුකෝ..කොහොමහරි මේ උත්සව සබාව අමතන්න චර්චිල්ට ආරාධනා ලැබුන ..චර්චිල් e වෙද්දී යුද්දේ ඉවර කරලා තිබ්බේ..ජනප්‍රසාදය කියන දෙ හුගක් ඉහලින් තිබ්බ කාලයක්.. මේ ලෝක පුජිත නායකයා ස්ටේජ් එකට නැගල කිව්වේ මෙන්න මෙහෙම.. 

 'Young men, never give up. Never give up! Never give up!! Never, never, never-never-never-never!'"
  
  "කොල්ලනේ.. කවදාවත් අත් හරින්නේපා .. කවදාවත් අත්හරින්නේපා..කවදාවත් කවමදාවත්.. කවම කවදාවත් අත්හරින්නේපා..."    
  
ඉතින් ...ජිවිතේ දිනාගන්න ඕනිනම්...
වෙනස් වෙන්න....
       ඒ වගේම තමන්ට ඕනි දෙ ලබාගන්න ඕනි නම් e වෙනුවෙන් උත්සහ කරන්නත් බය වෙන්නෙපා...මොන දෙ සිද්ද උනත් ආරමුනු යහපත් නම් කවදාවත් අත්  හරින්නත් එපා....   

මේ ඇරඹුම විතරයි... ඉස්සරහට යන ගමන් මොනවද කරන්න පුළුවන් කියල බලමු.. මේ පැත්තේ ආවොත් අදහසක් කියල යන්න.. ආයෙමත් පිලිගන්නවා ... මේ..
                         
                                                "මානිගේ ලෝකය"