සඳ ඇති රෑක..

"සඳ පායා එන සද අර දුර ඈත..
වලාකුළු කැටි ඇත මට පා මද හාස..
හිමිහිට මුමුණලා රෑ තව කව් ගීත..
අහසත් හැඩවෙලා පුරහද ඇති රෑට..

තරු එලි මගකියන සයුරේ රළ පෙලට..
මතකය ගලා විත්  හිත් අග දුර දාක..
සඳ එලි මැදින් තනිකම විසිකර දුරක..
ගිය අඩි පාර අද මැකිලා රළපෙලට..

සත්සර රාව නංවන තුරු පෙල අතර..
සැඟ වූ කතා නෑසේ මට අතු පතර...
කිව හැකි  නම් මේ තුරු පෙල ඇති මතක..
මියගිය සිහින යලි දලු ලා වැඩෙනු ඇත...

නිහඬ රාත්‍රිය සතු සන්සුන් නිසල බව...
බිඳ දා ඇද වැටුනු සීතල කඳුලු කැට...
දියවී වැටී අරගෙන ගිය මතක රළ..
පිසදා හෙටත් හිරු අහසට නැගෙනු ඇත.. " 

#මානි





Comments

Popular Posts