Thursday, November 24, 2016

සොහොන් කොතේ නුඹේ නමට....

"අතීතය මංතලාවේ අපි
වෙන්වෙලා බොහො දුර ගියාවේ..
ඉඳල හිටලා පෑරුනා හිත්
කඳුලු ඇවිදින් සැඟවුනාවේ...

මංසලෙන් මංසලක් ගානට
ජීවිතේ වකවානු ගෙවුනේ..
අලුත් හදවත් අලුත් පැතුමන්
අපෙ දිවියට පාලු මැකුනේ...

අතින් අත පැටලී ඇවිදගිය
මතක මාවත් තවත් ඇත්තේ..
ඔබත් මා මෙන් අලුත් පැතුමන්
දරා බොහො අය එහිද ඇත්තේ...

කාට කාටත් හොරට රහසින්
කාලයත් ගෙවිලා ගිහින්නේ..
මටත් පෙර මේ ලෙසින් යන්නට
කවුද ඔබහට වරම් දුන්නෙ...

තවම රඟදෙන මතක පොත මැද
ඔය සිනාවන් බැලුම් හෙලුවේ..
මාද මහලුය එදා මෙන් නැත..
වෙහෙස ඇත මට සතුට නැත්තේ..

එකට යන්නට පෙරුම් පිරු ඒ
දිවිගමන වෙන් වී ගියාවේ..
හැකිද ඔබහට එහි රැඳෙන්නට
නොබෝ දිනකින් මමත් එන්නෙ... " 😊

#මානි

No comments:

Post a Comment