Tuesday, November 15, 2016

නොදුටු "මනාලි" ය

"ඇද හැලෙන හිම පියලි
              හීනි හඬ නගාගෙන..
දොරින් දොර සීතලට
             මදින් මද තුරුලුවෙන..
විසල් මේ අහස යට
            පැතුම් පොදි පාකරන..
මුව සිනා ගෙනිවිත්ද
                 දුරුතු මස මද පවන..

පැතුම් පොදි මලු බැඳන්
                    සීතලම පවන් මැද..
ගිරි සිකර ඒ හිමේ
                    ගිලී ඉකි බිඳිනවද..
අතීතයේ මතක පොදි
                    කැටි ගැසී රිදෙනවද..
මා නොදුටු "මනාලි" ය 🌄
                      තව සිනා සලනවද..😊

ගිරිසිකර මැදින් එන
                            නත්තලේ සුබ පැතුම..
විසල් හිස් අහස් ගැබ
                            ලියවිලා සතුට පෙම..
සීනී හිම කැටි මතට
                            පෙම් බදින ක්ෂිතිජ ඉම..
තව තවත් පේවියන්
                           දුරුතු මහ කවි පෙමට... " 😊
                   
   #මානි

(මනාලි = ඉන්දියාවේ හිමාචල් හි මනාලි කඳුකරය )

No comments:

Post a Comment