Monday, May 16, 2022

අත් නොමහරින හේතූ ❤️

 සාමාන්‍යයෙන් ජීවිතෙ ලොකු ලොකු බලාපොරොත්තු ගොඩ ගහගන්න එපා කොයි වෙලාවේ ඒවා චකබ්ලාස්ට් වෙලා යයිද කියලා දන්නෑනෙ කියලා අත කන පුරෝලා 2022 මට උගන්නන්න හුඟක් මහන්සි ගත්තු හින්දා... ජීවිතෙ  one day at a time කියල  අරන් ජීවත් වෙන එක තමා මං දැන් සාමාන්‍යයෙන් කරන්නේ...

කොහොමත් මේ තියෙන අලකලංචි එක්ක ඕනිවට වඩා හිතුවොත් හොඳම එකෙන් පිස්සු හැදෙන්න ඒක ඕනිවට වඩා ඇති.. එහෙව් රටක, එහෙව් අසීරු කාලයක්නෙ අපි ගෙවන්නේ..

මං එහෙම overthinking  යන්න පුලුවන් චරිතයක් නිසා... මං උත්සහ කරනවා මං දන්නෑ සාර්ථක ද නැද්ද ඒත් ඕනි එකක්.. ප්‍රීතී වෙසක් කියල ජීවත් වෙන්න.. දැන් දැන්.. 

අතාරින්න හේතූ ඕනි තරම් ඉස්සරත් තිබ්බා.. දැනුත් තියෙනවා.. කෙනෙක් අර overthinking  පාර දිගේ හුඟක් දුර ගියොත්.. ඒත් ඒ පාරේ නොයා ඉන්න දැඩි තීරණයක් මං අරගත්තු නිසායි.. ඒ තීරණය මත ඊටත් වඩා දරුණු තීරණ දෙක තුනක් ගන්න සිද්ද වෙච්චි නිසයි මං දැන් ඉන්නේ අර එක සැරයකට එක දවසක් කියන තැන! ඒක සැනසීමක්..

ඒත් මේ චරි බට්ටා කියනවා වගේ one day at a time කියලා හරි ජීවිතෙ මේ වගේ කාලයක් එක්ක ඇදගෙන යන්න මොනවාම හරි හේතු තියෙනවා.. මටත් තියෙනවා.. 

හුඟාක් දිග ලිස්ට් එකක් මේ වේලාවෙ නොආවාත්... 


1.අම්මයි තාත්ත යි.. 


 මැරෙන්න තරම් හිතිච්ච තැන්වල මං ජීවිතෙ හැමදාම අල්ලා ගත්තු ඒ පණ නූල..😊 ජීවිතෙ දීලා ජීවිතෙ රැකලා මදිවට ජීවිතෙ අල්ලාගෙන ඉන්නත් මට තියෙන දරුණුම සහ ලොකුම හේතුව .. ඊලඟට කියන සේරම නැති උනත් මේ හේතුව මට කුණාටු අස්සෙත් ඔලුව කෙලින් තියාගන්න උදව් කරනවා..  ඒ පණ නූල නැති දවසක උනත් ජීවත් වෙන්න ඒ පණ නූල මට හයිය දෙයි .. ඒක  මට විශ්වාසයි


2. එකම සහ අවසාන වතාවට ආදරේ කරන්න සහ ආදරේ විඳින්න ඕනි නිසා... අත්‍යවශ්‍ය නෑ.. ඒත් ඉතින් නිකම්ම අතාරින්න ඕනි නෑනෙ.. ඉන්න එකේ .. 😉 


3. ස්විට්සර්ලන්තයේ කොලපාට යායට විහිදිච්ච ඉඩම් මැද්දෙන් ඇල්ප්ස් කඳු වැටිය පහලින් ඇදෙන පාරක ඇවිදින්න.. අනික් ඔක්කොම ට්‍රැවල් ගෝල්ස් මිස් උනත්.. මේක නන් කරන්න ම ඕනි.. 🙈😉 My fav travel destination..❤


4. ඒ ඇරුනාම ලෝකෙ වටේ ඇවිදින්න යන්න...


මං එහෙම ලොකුවට ලොකුවට පොරොත්තු පොදි බැඳලා නෑ.. ඒත් ජීවිතෙ කරන්න ඕනිම දේවල් අතරේ ඔය ටික නම් නොසැලී තියෙනවා.. 


ඉතින්  අඳුරුතම කාලවල අත් හරින්න නොදී අල්ලන් ඉන්න බලාපොරොත්තු කියන්නෙ අන්ධකාරයෙ දුරින් ඒත් දීප්තිමත්ව දැල්වෙන ලන්තෑරුම් එලිවාගේ...


ඉතින්  කකුල් දෙක ගාවට හෙන ගැහුවත් අතාරින්න එපා.. අල්ලාගෙන ඉන්න..


මේක හැමෝටම අමාරු කාලයක්.. ඒත්  අඳුරේ එලියක් දැක දැක උත්සහය අත් නොහැරියොත් අපිට මේකෙන් එලියට එන්න පුලුවන් ❤


#මානි