හෝප්ස් එන්ඩ් vs ලෙනෝරා හෝප්!

 " දා හත් වියැති ඈ යුවතිය ලෙනෝරා.."

හෝප්ස් එන්ඩ් මන්දිරයේ ලෙනෝරා හෝප්. මට ලෙනෝරා මුණ ගැසෙන්නේ 2025 ජනවාරි මාසයේ දවසක. ඒ මේ පොතට කැමති නම් කියවලා බලලා කියන්න කියලා මියුසස් වෙතින් ආපු පණිවිඩයත් එක්ක. සාමාන්‍යයෙන් ඒ ඒ කාල වල නිකුත්  වෙන පොත් ගැන විමසිල්ලෙන් ඉන්න  පාඨක  මගේ පථයට Riley Sager අසුවෙලා තිබුණේ නැති වුනත්, මේ පිටකවරේ තිබුණු පෙනුම මාව ඒ පොත වෙත ඇද ගන්න සමත් වුනා.

  කොහොම කොහොම හරි කියවාගෙන යනකොට අතර මැද දී අතින් බිම තියන්න ලෝබ හිතෙන අමුතුම කතාවක් තමයි The Only One Left. මේක Crime Thriller ශානරයට අයිති, හෝප් පවුලේ ඉතුරු වුණු එකම සාමාජිකයා වුණු ලෙනෝරා හෝප් වටා දිව යන, පැටළුණු අතීතයක් සහ වර්තමානයක් අතර සමාන්තරව යන අපූරු දිග හැරුමක්. 

  ලෝකාවසානය වගේ මිහිපිට කෙළවරකට වෙන්න තියෙන පාළු මන්දිරයක ජීවත් වෙන වයසක ලෙනෝරාත්... කඳු ගැටයට පහළින් හෝප්ස් එන්ඩ් ගිල දමන්න සූදානමින්  වගේ මොර දෙන මහා අත්ලාන්තික් සාගරයත්... ලෙනෝරා බලාගන්න හෝප්ස් එන්ඩ් වෙත පැමිණෙන ඇයගේ  සාත්තු සේවිකාව කිට් වගේම කලින් හෙද සේවයේ යෙදී සිටි හෙදිය මේරි.. සහ තවත් එකී මෙකී නොකී චරිත ගොන්නක් එක්ක මේ කුතුහලය පිරුණු කතාව පිටු සිය ගණනක් පුරා දිග හැරෙනවා. ඒ වගේම ඔබට අන්තිම මොහොත වෙනතුරු හිතා ගන්න බැරි  වුනත්, පොත පුරාම එහි අවසානය ගැන ඉඟි මහා ගොඩක් තැනින් තැන හංගන්නත් Riley Sager අමතක කරන්නේ නැහැ.. 

 ඉතින් මේ මගේ පළවෙනි පරිවර්තනය. එදා ඉඳන්ම කියවන්න වගේම ලියන්නත්, පොතක් පරිවර්තනය  කරන්නත් මාව පොළඹවපු, inspire කරපු චරිත ගොඩක් ඇතුලේ, මං ඉතා කුඩා නවකයෙක්. අතිශය කාර්‍යබහුල රැකියාවක් එක්ක පොතක් පරිවර්තනය කියන්නෙ අපි හිතන විදියේ දෙයක් නෙවෙයි කියලා මට ඉගැන්නුවේ මියුසස්. ඒ වගේම පරිවර්තනයක් කියවීම සහ පරිවර්තනයක් කිරීම කියන්නේ ලෝක දෙකක් කියලා මට කියලා දුන්නේ මියුසස් එකේ දිලීප්. රැකියාවක් එක්ක පොතක් පරිවර්තනය කියන්නේ බොහොම අසීරු දෙයක්. ඒ හැම කරදර බාධාවක් මැද්දෙන් මගේ අඩුපාඩු නිවැරදි කරමින්, උපදෙස් දෙමින් අත් නොහැර මේ දක්වා මේ ගමන ආපු මියුසස් එකේ Kaveesha අයියාත්, Dileep ඇතුළු මුළු මියුසස් කණ්ඩායමටත් මම හුඟාක් ස්තූති කරනවා. ඒක පහසු ගමනක් නොවුනු බවත් මම දන්නවා. මොකද අපි ඔබ අතට පත් වෙන පොතක අවසන් ප්‍රතිඵලය දක්වා එහි පිටුපස තියෙන කාර්‍යබාරය මහා විශාල දෙයක්. අවසන් ප්‍රතිඵලය විදියට අපි දකින දේ පිටුපස  තියෙන බරපතළකම සහ වගකීම ගැන මට ඉගැන්නුවේ මියුසස්. කොහොම වුනත් මම වගේ ආධුනිකයෙක් වෙනුවෙන් ලබා දුන් මේ අවස්ථාවට මුළු හදවතින්ම ස්තූතියි Muses Publishing House - Pvt Ltd  

ඉතින් සෑහෙන උත්සාහයකින් පස්සේ "හෝප්ස් එන්ඩ් මන්දිරයේ ඛේදවාචකය"  Pre Order හරහා ඇණවුම් කරන්නත්, නුදුරේදීම රට පුරා පොත් හල් වලිනුත් මිලට ගන්නත් ඔබට පුළුවන්!!! 😊

Pre order සඳහා  අලුත් මුහුණුවරකින් #Muses වෙබ් අඩවියත් ඔබ වෙනුවෙන් සූදානම්. ඒ වගේම හොඳ නරක විචාර ප්‍රතිචාර වෙනුවෙන් මමත්.. 🙏

ඉතින් ලෙනෝරා හෝප් සහ ඇගේ  මන්දිරයේ කතාව පාඨකයෙක් විදියට මාව කුතුහලයෙන් මුසපත් කලා වගේම, ඔබත් ඒ ලෙසින්ම ඒ අත්දැකීම රස විඳිනු ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා.. 


ස්තූතියි!!

#TheOnlyOneLeft #MusesBooks  


👉වෙබ් අඩවිය හරහා ඇණවුම් කිරීමට පිවිසෙන්න :

https://musesbooks.lk/product/hopes-end-mandiraye-khedawachakaya/

#මානි






Comments

Popular Posts