Thursday, September 7, 2017

කවි නොලියවුනු දා ❤️

ඉස්සරම කල් වාගේ සිතුවිලිත් මෝරාපු..
දුක් කඳුලු කැටගාව මුවපුරා කවි කියපු ..
ඉර බැහෙන හැන්දෑව ලියකමින් පුරවාපු..
හිත ගාව සිනාසුණු කවිකාර සිත ආපු...

ලියවෙන්න ලියවෙන්න හැඩ දමා දලුදාපු..
හිනැහෙන්න හිනැහෙන්න මං ගාව තනි මකපු..
සංසාර පින්සාර හීනයක් හැඩදාපු..
කවිකාර නුඹ කොහෙද නොකියාම සනසාපු..

විඩාබර නෙත් ගාව දිලිසෙනා තිර ඇඳපු..
නොකියාම  ලොකු කතා මහ ගොඩක් ගොඩගහපු..
ලොකුම ලොකු හීන මැද අතරමං වී අඬපු..
නෙත් ගාව නොඉඳින්ම නොකියාම දුර ගියපු..

ලියවෙන්න කවි කතා දුර ඉඳන් ඔරවාපු..
හිතන්නට හිත නැතිව මම නොරිස්සුම් පාපු..
වැඩ අස්සෙ ලියන්නට කලාවක් නොම දීපූ..
ජීවිතය නුඹද ඒ මටම ලොකුකම් පාපු.. 😕☺️✒️✒️

_මානි_ ✒️

No comments:

Post a Comment