බිඳුනු පෑන් තුඩ ✒️
ඉඳලා හිටලා ඉබාගාතෙට
ලිය වෙච්ච පෑනක් මටත් තිබුණා..
පෑන කෙලවර නොසන් සිඳෙනා
තින්ත කොතෙකුත් රැඳී තිබුණා...
එක පෑන් ඉරකට සාක්කිය වුනු
රිදුනු හිතකුත් දෝරේ ගැලුවා...
රිදෙන රිදෙනා වරක් ගානෙම
තීන්ත බිඳු ඉකි බිඳී වැටුනා.. ✒️
ඔබ පොතක් වාගේ පෙරලී පෙරලී
ලිය වෙන්න පිටු මට මවා තිබ්බා..
ලියලා ලියලා පෑන් තුඩු අග
ලස්සනට වයිරමුත් වැටුනා..
මටත් නොදැනීම ඔබේ පොත පිටු
එකක් ගානේම ගෙවී තිබුනා..
මගෙ නමට තිබ්බේ එච්චරයි පිටු
නුඹ නොකියා අවසන ලියා තැබුවා.. 😊
ආයෙමත් අලුතින් ලියන්නට
අලුත් පොතකුත් ඇවිත් තිබ්බා..
පෑන මගෙමද තීන්ත කොයිබද
කියා ඔබ අමතකම කෙරුවා..
තීන්තත් නැති හැඩේකුත් නැති
මාව දොර මුල්ලටම ඇදුනා..
අලුත් නාඹර තීන්ත පෑනක්
මගේ දුක නුඹ අතින් ලීවා.. ✒️
ඉකිබිඳින්නට තීන්ත බින්දක්
ඉතුරු නොකරපු නපුර හින්දා..
ගලක් වාගෙම වියලි වියලී
දොරකඩම පෑනත් මැරී වැටුණා..
ඔහුගේ හදවත අලුත් පෑනෙන්
අලුත් පිටුමත තාල තිබ්බා..
දොරකඩක මුල්ලේ වැටුනු මගේ හිත
පෑන එක්කම නිවන් යැව්වා.. !! " 💔✒️
~මානි~ ✒️


Comments
Post a Comment