Monday, July 3, 2017

දුර ගිය තරු... 🌟

"ඇහි පිය දාර රිද්දා නිල්   අකුණු කැට
ටක්ටොක් හඬට සමවී බිම වැටෙන විට
හිමිහිට හිත් පතුල එලි කර විදුලි හඬ..
තවමත් ගැහෙනවා තනිකම බිම් කඩක් උඩ..

ඉඳහිට ආව ගිය තරු එලි නොවුනාට
අහසත් කලුවරයි පුන්සඳ නැති රෑට..
ඉඳහිට මුවාවී ඝනකම් ඝන වලාවට..
සඳවත සිනාසෙයි පෙම් කල තරු මලට..

අහසක් පුරාවට සෙනෙහස දලු ලෑව..
සහසක් රටාවට කවි ගී ඉඟි පෑව..
සයුරක් පුරාවට කඳුලට මඟ කීව..
සෙනෙහස් පුරාවත තරුකැට කටු  ගෑව..

ආවම අමාවක දොරකඩ දලු ලෑව..
සඳවත රහසෙන්ම පිටගම් දුරකීව..
කාටත් හොරෙන් වැලපී මිණිකැට රාව..
තරු දුර ගිහින් සඳවත යලි එන රෑට.. " 🌜☄🌟☺️

#මානි ✒️

No comments:

Post a Comment