Sunday, July 9, 2017

ආයෙමත් යන්නට ඇත්නම්... 🏫👔👟😊✒️

      ජීවිතේ මහ පුදුම දෙයක්.කාලය කියන්නෙ අමුතුම එකක්.කවුරුහරි ඇවිත් මගෙන් ඇහුවොත් මගෙ ජීවිතේ ලස්සනම කාලේ කොහෙද කියල. දෙකක් නෑ මන් කියනව #බාලිකාව කියල.. ඔව් කෑගලු බාලිකාව.. ඔනිම කෙනෙක්ගෙ ජීවිතේ ලස්සනම නිදහස්ම කාලේ.. ඉස්කෝලේ..
     ඕනිම කෙනෙක්ට ආවේණික මතක ගොඩක් තියෙනව තමන්ගෙ පාසලත් එක්ක.. හුඟක්ම උසස් පෙල කාලේ..
   ඕලෙවල් වලින් එලෙවල් වලට යනකොට එක්ම එක් ඕලෙවල් යෙහෙලියක් නොහිටියෙ මට විතරයි.. සමහරු පාසල හැර ගියා..තෝරගත්තු විෂයන් එක්ක අපි එක එක පන්‍ති වලට ගියා. හරියට දැන් ජීවිතේ වගේ.. අපි එක් එක් තැන්වල..
        කොහොමින් කොහොම හරි පුංචි පුංචි පන්ති වල දන්න කීප දෙනෙක් එක්ක මුල් වතාවට දැක්ක කෙල්ලො 37ක් අපේ පන්තියෙ හිටියා. අවුරුදු 2ක් 2 1/2ක් කොහොම ගෙවන්නද කියල හූල්ලපු මට මොන එහෙකට දෝ මන්දා ඉස්සරමහම පේලියෙ ඉස්සරහම පුටුව හම්බෙනවා.. ජීවිතේට කතා නොකරපු කන්ණාඩි දෙකක් අල්ලපු පුටුවෙ..6,7 යෙහෙලියගෙ යාලුවො එක්ක මන්. ඇත්තම කතාව ඔවුන් එක් පන්තියක.. මන් වෙනම තැනකින්.. ☺️ ඒ පලවෙනි දවස හරිම විකාරයක්.. කතා කරන්න කෙනෙක් නෑ.. එක් ඉස්කෝලෙ එකට හිටපු කවුරුත්  නැතුව අලුත් පන්තියකට වැටෙනවා කියන්නෙ ඇඬෙන වැඩක්... අනික් අල්ලපු පුටුවෙ එකා හෙනම සයිලන්ට් ජීවියෙක්.. #කණී ❤️ "අයියො සංසාරේ මට වෙච්ච දෙයක්.." මන් හිතුවා..
    
      සර් පන්තියට එනවා.. ඔහු ටිකක් අමුතු චරිතයක්.. මුල්ම දවසෙ කිව්වෙ මොනවද නම් ගානක් නැති උනාට  ඔහු අන්තිමට පන්තියට මොනිටර් කෙනෙක් දාන්න හදනව.. ඉල්ලන් කෑම කලාවක් උනාට ඒ වගේ එවා ඉල්ලන් කන්නෙ කවුද ... ම්හු එකෙක් නෑ.. වැඩිය දන්න ලඟම කවුරුත් නැති එකේ මමත් බිම බලන් ඉන්නව.. ඉස්සරහම පේලියෙ. මදිවට පලවෙනි පුටුව..

"ඔයාට පුලුවන්ද.. ??" සර් අහනවා.

"ඔයාට පුලුවන් ද?? " ආයෙත්.. මොකාද එ හා බැ කියන්න බැරි ගොලුවා බලන්න මන් ඔලුව උස්සනවා.. සර් මන් දිහා බලන් .. අහල තියෙන්නෙ මගෙන්..මන් ඉඳල තියෙන්නෙ  බිම බලන්..

"ඔයාට පුලුවන්.ඔයා මොනිටර්.. වයිස් කවුද.. ආ ලඟම ඉන්නෙ යාලුවා නේද.. හරි .. නම මොකද්ද?? " 

හාද බෑද මොකුත් නෑ.තීරණය කරල තීන්දු දීලත් ඉවරයි. කොහෙන්දො ආපු මන් ,පන්තියෙ වැඩි හරියක් නොදන්න මන්  මේන් ඒ පාර ක්ලාස් එකේ මොනිටර්.. 😕🔫

පසු කාලීනව මොනිටර්කම උඩ පැනල ඉල්ලලා ගත්තා කියල මගෙ ඔටෝ එකෙ අපේ උන් පිටු පිරෙව්වට වෙච්ච ඇත්තම සිද්දිය ඕක..
    මුල් වාරෙ මොනිටර් කියන්නෙ ඒ වෙන එකා ඉවරයි කියන් එක.. අලුත් ලමයි බාගෙට බාගයක් හිටිය පන්තියක්.. මුනු දන්නැ.අඳුරන්නෙත් නෑනෙ දෙයියනේ.. නම් දන්නෑ.. දන්නෙ වාසගම්.. කොහෙත් එහෙම.. හැබැයි එ මොනිටර්කම මට වාසනාවක් ගෙනාවා.. එ මේකයි.

1.ලඟ හිටපු මගෙ වයිස් මොනිටර් එ කිව්වෙ කතාබහක් නැති සයිලන්ට් කනී(කතා කලෙ එහෙම ) මාත් එක්ක හොඳටම ෆිට් වෙච්ච එක.. අපි දෙන්නට කතා කරන්න උනා.. (ඒත් අපෙ උන් කිව්වෙ උබ ගාව හිටියොත්  ගොලුවොත් කතා කරන්න ගන්නව කියලා 😒😉 ඒක  ඉතින් වෙනම කතාවක් )

2.මුලු පන්තියම මන් එක්ක හිතවත් වෙච්ච එක.. අලුත් පරණ බේදයක් නැතුවම..

             අපේ සර් අමුතු චරිතයක්.එහෙම ගුරුවරයෙක් මට මුණ ගැහිලම නෑ.ඔහු අපි ලව්ව කෙරෙව්වෙ අමුතුම දේවල්.. උදාහරණයක් විදියට තට්ටු 3ක් විතර උස බාලිකාවෙ සයන්ස් එකෙ පිටිපස්සෙ බිල්ඩිමේ ජනේල් හැමදාම මොකක් හරි වෙනව..හුලඟ නිසා.. ලොකු සද්ද එක්ක දඩාං ගාල වැහෙන ජනේල් අපට කරදරයක්.. සර්ට ඕකට පිලියමක් ඕනි වෙද්දි ඔහු කරන්නෙ ජනේල් වලට කොකු දම්මන එක්.. පිහිටීමත් එක්ක ඒ වැඩේ කරන්න අමාරුයි කියල පාසලේ කාර්මික වැඩ කරන අන්කල් බෑ කිව්වම.. පන්තියෙ ඇතුලෙ ඉඳන් ගුරුවරු නැති වෙලාවට ඒවා සෙට් කරන්නෙ කෙල්ලො අපි.. ඔහු අපිට කරන්න කිව්වෙ නෑ..ඒත් අපි ඒක කරනවා.. දැන් මට හිතෙන්නෙ ඔහු ඉඩ ඇරියා වෙන්නත් ඇති අපිට.. ජීවිතෙට නොකරපු දේවල් කරන්න විදියක් අපටම හොයාගන්න..
          කාලෙ ගෙවෙනවා.. මේ කෙල්ලෝ 37ම එක කුස උපන් සහෝදරියො ගානට එකට බැඳෙනවා ..ඒක උනෙ මෙ සිද්දිය අර සිද්දිය නිසා කියන්න අපට හේතු තිබ්බෙ නෑ.. පොඩි පොඩි සිද්දිත් ඔය අතරේ උනා.. ඒ දෙවල් අපිව එහෙම ලං කරන්නත් ඇති.. ඒත් අපි එහෙම බැඳුනු ඒ බැඳීම යාලුකමට එහා ගිය සහෝදරකමක් වගේ දෙයක්.. ඒ සහෝදරකමේ කොනක සර් හැමදාම ඉන්නත් ඇති. මොකද බාලිකාවෙ එදා මෙදා තුර තිබ්බ එකම 12-7/13-7 e - friendly (Bio) ක්ලාස් එක අපි හින්දා ❤️
             ඒ අනික.. ඔහුට ඕනි වෙනවා අපිව e -friendly කරවන්න.. හම්මේ ඒ දවස් වල සයන්ස් එකේ අපිට පුදුම වැඩ තිබ්බෙ කරන්න.. වෙලාවකට සතුට,උද්දාමය ආඩම්බරකම වගේම අනික් පන්ති එක්ක පුංචි තරඟෙකුත් නිර්මානය උනාට.. අපි 37 එක් ඉත්තේ මල් වගෙ එකටම හිටියා..අපිට උගන්නපු අනික් ගුරුවරියොත් එක්කම.. 
        ඔහොම ඔහොම කාලෙ ගෙවෙනවා..හැම ප්‍රැක්ටිකල් වැඩකින්ම අපි එක වෙනවා.. අපේ මොණරා.. වෙසක් එකට ...අනික් අයට කුකුලෙක් උනාට අපි හැදුව අපේ මොණරා.. 😂😂🔫 ,ඔහොම සිද්දි එමට,.. අපේ බයෝ එක්සිබිෂන් එක.. තව කීයක්ද.. ඒක රස සාගරයක්. අදත් පටන් ගත්තොත් ඉවර කරන්න බැරි රස සාගරයක්..
    ඔය අතරේ තමයි සර් යන්න යන්නෙ.. ඒ අල්ලපු පාසලට.. ඒ පාසලෙන් ගුරුවරියක් අපි වෙනුවෙන් එන්න ඉන්නවා.. ජීවිතේ පලවෙනියෙන්ම ලියවුනු ලියවිල්ල මන් ලිව්වෙ අපේ සර් වෙනුවෙන්.. "අරලිය මල් කතාව" සර් වෙනුවෙන් අපි ලොකු පාටියක් දෙනවා.. මතක මිටියක්.. අපි 37ගෙ අකුරින්ම ලියවුනු මතක අහුරක් අපි ඔහුට දෙනවා..
       අපේ අම්මාට අනුව අවුරුදු 18ක ජීවිතේ බොහොම තදින් හැඬු දුක්වුනු දවස් දෙකක් මට තිබ්බා.. ඒ දෙකම ගුරුවරු නිසා..
එක.. මගෙ සංගීත ගුරුතුමා අපිව අතහැරලා යන්නම ගිය දවස..
දෙක.. සර් පාසලෙන් ගිය දවස.. අපි රොත්තම එකට බදන් අඬපු ඇඬිල්ල... අදත් චිත්‍රපටියක් වගේ මතකේ තදට වැදුනු දෙයක්.. කොහොම හරි සර් යන්න ගියා.. #නලීන්සර්.. දන්නැ දැන්නම් කොහෙද කියල.. ඒත් කවදහරි මේ අහස යට සර් මුණ ගැහේවිනේ.. ☺️
-------------------------------------------------------------------------------------------------------
               #ඇය දමයන්ති අබේසිංහ .. ටීචර් ආව නිසා සර් ගියාට පුංචි අමනාපයක් හරි තිබ්බා නම්..ඇගේ පලවෙනි දවසෙම ඇය අපිව ආදරෙන් වැලඳ ගන්නවා.. මොකද්දෝ නිසා අපි සහ සර් අතර බැඳීම ඇය තේරුම් ගන්නවා..මේ පිස්සු කෙල්ලො 37ට ඇය අම්මා කෙනෙක් වෙද්දි අපි ඇයට ආදරය කරන්න ගන්නවා... හැබැයි ඔය ආදරේට කාලය හරස් වෙනව.. අපිට ඇයගෙන් විතරක්ම නෙවේ... බාලිකාවෙනුත් සමුගන්න වෙනවා.. 😢😢
    ඒත් අපි එහෙ මෙහෙ ගියත් ෆේස් බුක් එකට පින් සිද්ද වෙන්න අපි ආයෙත් මුණ ගැහෙනවා..ඒත් ඉතින් ඉස්සරවගේ කොහෙද.. හැමෝම තම තමන්ගේ ජීවිතවල.. එක් එක අරමුණු වල.. දුක සතුට එක්ක... විහිලුවට කිව්වත් හැලියකට ගෙම්බො එකතු කරනවට වඩා අමාරුයි අපේ සෙට් එක් එකට එකතු කරන එක්.. 😕😕
    
        ඒත්.. මට ආසයි ආයෙම යන්න.. ඒ අරලියා හෙවණ විඳල එන්න.. ඒ සිලි සිලි අඹ අතුවල සද්දේ විඳලා එන්න.. කුරුලු කැලේ පැත්තෙන් ඇදීල පාසල පුරා හමාගෙන ගිහින් ගිහින් බාලිකා ගේට්ටුවෙන් විහිදෙන බාලිකාවේ සුවඳ ආයෙම විඳලා එන්න.. ඉස්සරහම සයන්ස් බිල්ඩිමේ බැල්කනියෙ කෙලවරේ පන්තියෙ ඉඳගෙන.. දමයන්ති ටීචර්ගේ ඔගනික් පාඩමක් අහගෙන.. ඒ සමුදුන්න රැලි හයේ  සුදු ගවුමෙ ,නිල් පාට ටයි පටියේ තිබ්බ සෙනෙහස ,සුවඳ ආයෙම විඳලා එන්න.. කෙමිස්ට්‍රි ලැබ් එකේ කෙමිකල් එක්ක පිස්සු නටල මල්ලිකා මිස්ගෙන් ප්‍රැක්ටිකල් බඩු ඉල්ලද්දී මිස්ගේ මුන ඇදවෙන හැටි බලලා හිනීයට හිනාවෙන්නෙ.. ඩෙස් පුටු මේස අස්සෙ එක් පාරක් එක් දවසක් ඒ විදියටම ඉඳගෙන ඉඳල ඉස්සර වගේ කෑ ගහලා හිනා වෙලා එන්න...

  "කෑ ගහන්නෙපා ලමයි.. මේ පන්තිය නම්ම් .. මැඩම් එයි ඈ.. "
          කියන පහල මුර ඇන්ටිගේ ආදරණීය තර්ජනය ආයෙම අහන්න.. එකම එක පාරක් ජීවිතේටම ඇතිවෙන්න ආයෙමත් ඉස්කෝලේ යන්න.. කටු කොහොල් ,ගල් මුල්, වේදනාවන් පිරිච්ච ජීවිතයක් ඉස්සරහ බව නොදැන සැහැල්ලුව ,සතුට රජකරපු ඒ මතක විඳල එන්න.. ඒ ජීවිතේ විඳලා එන්න... ආයෙමත් ජීවත් වෙනවා කියන දේ දැනෙන්න ජීවත් වෙලා එන්න.. 😢😢
      ඔව් මට ආයෙම යන්න ඕනී...කාලය හරවන්න පුලුවන්නම්...මන් සදහටම බාලිකාවේ හෙවණ යට නවතිනවා... ඒ බැඳීම් ,ඒ සෙනෙහස සතුට වෙන කොහෙන්වත් නොලැබෙද්දී අම්මාගෙ උකුලට පනිනව වගෙ සෙනෙහසක්,සැනසිල්ලක් විඳලා එන්න.. ඔව් මට ආයෙම එකම එක් එකම එක පාරක්.. බාලිකාවට යන්න ඔනී..😢😢 ඉස්සරම ඉස්සර වගේ... 😊

"රැලි  රැලි වැටුනු සුදු ගවුමට මුවා වෙලා
සුදු මුදු කැකුලු මල් සිනහා ඔකඳ වෙලා
නුඹ මුව කමල වත හිමිහිට බැලුම් හෙලා
නොදැනීම මමත් අතීතයට පිය නගලා...

අරලිය යාය සැමදා මුදු සිනා නගා..
ඔය වාගේම මා වෙතටත් දෑත් සලා..
ඒ පින්බිමේ උණුසුම සිහිනයෙන් පවා..
අදටත් දැනෙනවා බිව් සිප් කිරි සුවඳ පොවා..

නොමියෙන මතක මුවඟට දෙන සතුටු සිනා..
අරලිය මලුත් හොරැහින් මා දෙසම බලා..
අත පටලැවුනු ඒ අත් දෙස බැලුම් හෙලා..
යලි උනුසුමේ දැවටෙන්නට ඇරයුම් කරලා

සුදු රැලි ගවුම් පොඩි මා අසලින් ඇදිලා..
මතකය ගලා විත් කඳුලක් ඉතිරි කලා..
ඈතින් ඇදෙන සිඟිති මුවට සමු දීලා..
මතකය හද අරන් මම ආපසු ඇදුනා..." 😊

#මානි ✒️✒️

5 comments:

  1. අදින් හරියටම අවුරුදු 07 කට කලින් යාලුමිත්තරයන්ගෙනුත් වෙන්වෙලා ඉස්කෝලේ මතක පොදි බැදගෙන් ආව දවස මතක් උනා. අපේ ශිෂ්‍යනායක දිනේට අමතක නොකර ආරාධනා කරන පාසලක් ඔබේ පාසල

    ReplyDelete
  2. Ooo..ehnm sahodara pasalaka wennoni ☺️

    ReplyDelete