ආයෙමත් වතාවක්...!! 👒👑👞👢

"ඔබ එනවාද ආයෙම..
නවතින්න හිත අද්දර..
ආසයි මට විඳ බලන්නට..
ගෙවුනු කඳුලක තිත්ත මතකය..

මුරණ්ඩුම එක හවසක..
නොහිතනව සේ බිඳ දැම්ම..
ඝනකම්ම හිත් පතුල..
දෙදරාපු රටාවක දිග පලල මනින්නට..

නොපෙනෙන්න ඔය ඇස් වලට
ගිනි කන්දකට දා අලු වෙච්ච..
ඉඳහිටම හුස්මක් අරගත්ත..
ආත්මීය පිලිස්සුම් හැඩතලය විඳගන්න..

එකම එක් තාලෙකට..
එදා වාගෙම ගැහෙන..
නොදැනෙනවා සේ හඬන..
හිත් කොනක පිබිදිච්ච...
ආත්මීයම දැයි මට..
කිසිදාක  නොකී කව...

අහිමි වූ බලවත්..
හිමිකමට පින් නැත්..
පසු වදන් නොමලත්..
එය නොවෙද පෙම ...
සදා නොවෙනස්..!!! " ❤️

#මානි  ✒️✒️



Comments

Post a Comment

Popular Posts