උමතුවද ඔබ හට.. 💐


"ඉඳල හිටල නොකිය හිටියට
රෑට රහසින් ඉකි බිඳුම් ආවට
උඩු හුලං මැද වැනෙන අත්තක..
පිපුනු මල් හරි බයයි හුලඟට..

රකුසු පාටට බැලුම් හෙලුවට..
ලඟින් යන එන ඇලුම් ආවට..
නොකී දෑ හිත අද්දරම හිට..
පිපුන මල් හරි බයයි හුලඟට..

ආයෙමත් පාවෙලා යන්නට..
කැකුළු මල් රහසින්ම පැතුවට ..
චණ්ඩ සුලි විත් නොකී රහසට..
මල් බයයි අතු අගම පිපුණට..

අමනුස්ස ලෙස ඇවිත් සාරෙට..
රහසෙන්ම ඇඳි දෑස් මතුපිට..
ලතෝනිම දෙන අතීතයකට..
පිපුන මල් හරි බයයි හුලඟට ..

නොදන්නව නොපෙනිලා හිටියට..
විමසන්න මල් බයද හුලඟට ..
වෙව්ලලා ඇතුලින්ම සරුවට ..
මල් කියයි උමතුවද ඔබ හට..  " ✒️

#මානි✒️

Comments

Post a Comment

Popular Posts