Saturday, June 10, 2017

"කඳුල නුඹ ඇවිදින්.."

පඬුවන් පැහැයෙන් බැබලෙන මාවතක්..

වෙනදට නිහඬ බව රසවිඳින්න එන බොහෝ දෙනාගේ අඩුවක්..

හිස් වෙච්ච බංකු මැද්දේ තනිවෙච්ච මන්..

සුපුරුදු විදියට අතේ රැඳුන දයාබර පාලු මකන්නිය අද හිතලාම මේසෙ මත දාලා තනියම එලියට බැස්ස ගොම්මනක... 📚

ඉන්නවද එලියට යනවද අඬනවද හිනාවෙනවද හිතා ගන්න බැරුව ගෙවුනු පැය කිහිපෙකට පස්සේ.. මම මෙතන...

සුපුරුදු විදියටම  තනිකම අරක් අරගත්තු හවසක..

"ඕකෙ මොන අමුත්තක්ද.. ඉපදෙන්නෙත් තනියෙන්නම් මැරෙන්නෙත් තනියෙන්නම්.. ඉන්න ටිකට මොකෝ බැරි ඈ.." ඒ බකපණ්ඩිත මිනී මී (mini me)..

(හිත ඇතුලේ ඉන්න පැහිච්ච ආච්චී/කතා කරන යටි හිත.)

මේ ලෝකෙ හැම දේටම උත්තරයක් තියෙන..බකපණ්ඩිත කතා කියන ඕනිවට වඩා විකාර කියවන මගෙ ඇතුලෙ ඉන්න කතා පෙට්ටිය.. එක්තරා විදියක මගේම අභ්‍යන්තරය.. වෙලාවකට මටම නවත්තන්න බැරි ඈ..

"ටික වෙලාවකට කට පියාන හිටු.. හිතන එකත් නවත්තාන් මිනී.. වඳින්නම්.. උඹ තමා මගේ ඔලුව කන්නේ.." 😏
නිදහසෙ ඉන්න සිමෙන්ති බංකු හොයන ගමන් තර්ජනයක්..

"ඔව් ඔව් ගොන්කන් කරද්දී මන් කිව්වා.. ඇහැව්වද ඇහැව්වද නෑනේ.. දැන් ඉතින් අඬාන් .. මී දෙන වගේ . රෑ එලි වෙනකන්.. නෑ මට නින්දක් " 😏

"මිනී ඇති " 😡

"මන් යනෝ අකුලන්.. ඕනි එකක් කරගන්න එකයි.." කතා පෙට්ටිය වැහුනා.. යන්න ඇති මයෙ හිතේ.. පැහිච්ච ආච්චී අම්මා .😏

ගෙවිච්ච අතීතෙ ...
මෙන්න මෙහෙමයි බිව්ව කඳුලු බෝතල්.. 🍸
එකතු කරල වික්ක නම් කරන්න තිබ්බා මට බිස්නස් එකක්.. 😒

අපි කෙල්ලෝ..
ඉපදෙන්නෙම අඬන්න බලන්..
සද්දයක්වත් නැති නිහඬ මාවතක..
සරත් සමයේ ඉකිබිඳින අහසක.. වැස්ස... ⛈

හිත ආයෙත්  පිපිරුවා.. හත්කඩට..💔
තවත්  ඉතුරුවෙලා තිබිල එහෙනම්...
චැප්ලින් හරි.. වැස්ස හොඳ බේතක්..
හංගන්න කඳුලු.. 😊
ගෙවුනා පැය ගානක්ම..
හැංගුණා කඳුලු.. වැහි දිය අස්සටම..
ගැන්නෙ නම් නෑ...
සමහරවිට තව බෝතල් බරගානක් පිරෙන්නැති..
කඳුලු වලට..
අම්මපා මට තිබ්බ පටන් ගන්න බිස්නස් එකක්..

"ඉවරද .. බලාන මන් අර කොනටම වෙලා.." 😊 

ගොම්මනේ කලු කුමාරයාවත්ද  ගෑනු වෙසින්...

නොදන්නා ඇය .. අල්ලාගත්තා මගේ අතින්..
සීතලයි ඈ.. මිනියක් තරමටම..

" උඹට ඕනිද හඬන්න..
අඬපන් හොඳටම..
තැලිලා තැලිලා රත් වෙච්ච යකඩෙකුයි..
අඬලා අඬලා ගල් වුනු ගෑනු හිතකුයි...
වෙනසක් හොයන්න බෑ..
පස්සෙන් පහු කුණාටු දහසක් ආවත් ..
ඒ ගල් හිත් සෙලවෙන්නෙවත් නෑ...
හැමදේටම හොටු පෙරන් අඬන...
වේදනාව එක්ක සටන් කරන ගෑනු..
දවසක දරාගන්නවා
හරියටම මහ පොලොවක් තරම්..
ඒක දුර්වලකම නෙවෙයි..
ඒ තමා උඹේ හයිය.. 😊

ඒ නිසා හඬපන්..  "

ඊලඟට..

සුදුම සුදු මීදුමක්...

ඈ නිහඬවම අතුරුදන්..

~මානි ~✒️

No comments:

Post a Comment

"කඳුල නුඹ ඇවිදින්.."

පඬුවන් පැහැයෙන් බැබලෙන මාවතක්.. වෙනදට නිහඬ බව රසවිඳින්න එන බොහෝ දෙනාගේ අඩුවක්.. හිස් වෙච්ච බංකු මැද්දේ තනිවෙච්ච මන්.. සුපුරුදු විද...