Friday, April 21, 2017

ඇසුනාද බඹරින්දු!!!

"ඉරේ මන්දස්මිතය හාදු දෙන
එකම එක් ප්‍රභාවත් උදයක..
නුඹේ දෑසට ලංව හිනැහෙන..
රෝස මල් දහසක් පිපුනා මතකද..🌹

වල ගැහුනු කම්මුලක් මැද හිඳ
මුදු සුවඳ බෙදු ඒ රෝස පෙති අග..
සිහින් තාලෙන් කවිය මිමිනූ
බඹරින්දු ඒ නුඹ වූවා මතකද..🌹

අවරගිර අහසක් සෙවණෙ හිඳ
මියෙන ඉර රැස් වලින් ඇවිලුණු
රෝස පෙති ඔය දෙපා පාමුල..
වැටී ඉකිබිඳු තාල මතකද...🌹

වියලි පොලවක ඉරිතැලුනු හද
තෙතමනය දුර ඈත පා කර..
මියෙන රෝස පෙති මතින් ඉගිලී..
පිපෙන කැකුලක් සොයා ගිය ඒ..
සෙල්ලක්කාර  බඹරිඳු..
නුඹම වූවා  තවම මතකද...!!! " 😊

#මානි

No comments:

Post a Comment