Monday, March 27, 2017

බිනර මහේ හීන පොකුරු 😍❤️

ඔය පුංචි ඇස් අග - දහස් ගානක්
නොකියනා ලොකු -කතා ගොඩ ඇති..
ලොකුකරන් ඒ - ඇස් කෙවෙනි මට
හුඟක් දේවල්  - පවසනවා ඇති.. ☺️

ටිකිරි දත් නැති - ඒ පුංචි මුව
සිනා මල් මට - හාදූ දෙන්නැති..
හීනී අතැඟිලි - පුරුක් ගානේම..
හාදු වැහි නම් - කොපුල් මැද ඇති... ❤️

දුටුව සැනෙකින් - හිනා මුව පිරි..
ලපටි කෝලම් - බොහොමයක් ඇති..
වෙහෙසකර දිවි - කඩඉමක නුඹ
සතුට සැනසුම - අරන් එන්නැති.. 😍

දිනෙන් දින - අත් පොඩි සලාලා
කැකුලු මුව මැද - හීන දෙන්නැති..
නොවැටහෙන මේ - සෙනෙහේ පිණිපොද..
මගේ ලෝකේට - ඉසුරු දෙන්නැති..

මේ තරම් ලොකු - ආදරේ නුඹ ..
කොහේ සිට ගෙන - ආවාද නොදනිමි..
නුඹේ ලොව - ඉර සඳුගේ සෙවණක
දිලෙන ඒ තරු - පොකුර මම වෙමි... " ❤️❤️

#මානි

No comments:

Post a Comment