Tuesday, March 7, 2017

ආඩම්බරකාර වැස්ස ⛈⛈💧💧

ටක් .. ටක්.. ටක්.." අමුතුම තාලයක සද්දයක් නගාගෙන පිටුපස ගරාජයේ තහඩු මතට ගල් වැටෙනවා සේ වැහි බිඳු ඇද වැටෙයි. "ඔය කළු කරන් ආවාට අදත් වහින්නෑ .." කියාගෙන  මන් ගෙට ගොඩ වදින විටත් බාගෙට මැරී ඇති වගාවන්ට වතුර දාන්නට අම්මා සූදානමින් ය.   

"වැස්සෙත් ආඩම්බරේ.. ඊයෙත් කළුව විතරයි ...
" ඇය ආයෙත් අහස දෙසට රවා බලයි. ☁️

කතාව ඇත්තය.
මටද අහස හා දවස් ගානක සිට තිබ්බේ පුදුම තරහකි.සද්ද දමාන ,කළු කරගෙන, සුපුරුදු නරුම බැල්මත් අරන් ආවාට ටිකකින් ගිය දිහාවක් නැතුව අතුරුදන් වන වැහි වලාකුලු ගැන මට තිබ්බේ නොරිස්සුමකි.😒වැස්සත් ආඩම්බර පා බිඳ දමන්නේ අපේ අහිංසක සිසිලසේ බලාපොරොත්තුය.ඒත් ඒ ගැන අහසට වගක් නැත.😏
     පොලව කරකුට්ටන් වී ඇත.🍂🍂ගස් වැල් පණ අදිමින් සිටී.ආඩම්බර බැලුම් හෙලමින් වෙනදාට පල්ලම් බහින මා ඔය තොමෝ වැහැරී ගල් පෑදිලාය.😕ගෙදර ළිඳේ ද පතුල පේන්නේය. ඒ මොනවා උවත් අහසේ රැස් නම් අඩු වන්නේම නැත.ඔහොමත් පායන්නට  වූ විට ජල චක්‍රය කරන්නේ  වාෂ්පීකරණය විතරක් යැයි මට නොසිතුනාම නොවේ.උරා ගන්නා ගැනිල්ලට වහිනවා නම් සති ගනන් අනෝරා වැසි වැසිය යුතුය.⛈⛈ඉන්පසු මොනා උවත් සුනාමියට පසු මිනිසුන් මුහුදට වෛර නොකරන්නා සේ වැස්ස හා තරහ වන්නට අපට කවදාවත් බැරිය.ඇති විට කෙසේ වෙතත් නැති විට දවසක් දෙකක් ඉරේ රැස් බැලූ පසු නාහෙන් අඬන්නේ ඒකය.😂
     ඊටත් හපන් කේන්ති එන්නේ ඉහත කී පරිදි ඔන්න මෙන්න වහින්න විත් පොඩ්ඩක් චුරු චුරු ගා පොලව ලාවට තෙමා වලාකුලු පැන දුවද්දීය.😒රසවත් කෑමක් කට ලඟට විත් කන්නට නොහැකි වනවා වැනි  විකාර හැඟීමක් එවිට මට හටගන්නේය . ඒ නිදහස් සිතුවිල්ලකින් මනෝ ගහන්නට ඇති අවස්තාව මගහැරෙන  නිසාය. 😉
   කාලෙකට කලින් සා.පෙලට සිංහල සාහිත්‍ය පොතේ "වැස්ස" වැසි දාක පාඩම් කල දා පටන් අමුතුම බැඳීමක් මට වැස්ස හා විය. ( නැ.. නැ.. එහෙම අමුතු ආසාවකට කරපු දෙයක් නෙමේ.. හොඳට හෝ නරකට වාර විබාගෙට කලින් දා හොඳටෝම අපට වැස්සය.. අහඹු සිද්ධි කියන්නේ ඒවාටය..) ⛈⛈
     කොහොමින් කොහොමින් හරි වැස්සට අපි මතක් වීම සැහෙන වටින දෙයකි.ඉන්නේ ලොකුවට තෙත් කලාපේ කියා භූගෝලය කරද්දී ආඩම්බර වූවාට පහු ගිය ටිකේ සහරාව අසල මෙන් ගිනි ගහන අව්වකුත්,පැයෙන් පැයට නාන්නට තරම් වූ රස්නයකුත් මේ තෙත් කලාපෙට නන් වැරදුනේ නැත.🔥🔥🔥
    වැස්ස සතුටකි.☺️අපේ අම්මාගේ කතාව බොරුවක් කරමින්  වැස්ස වහිද්දී මට ආවේ අමුතුම සොම්නසකි. ඒ ජනේල් හරහා
හමා විත් නිවස පුරා ඇදී ගිය දූවිලි සුවඳත් එක්කමය.🐥ක්ෂනයෙකින් වට පිටාව වැහි අඳුර ගිලගත්තේය.එක් දිගට ඇද වැටෙන ඔය වැස්සේ හඬ විඳින්නත්.. ජනේලය අසලට වී හෙම්බා සෑදීමේ අවධානම පැත්තකට විසි කර අම්මාගෙන් බැනුම් අහමින් වැස්ස බැලීම අමුතුම තාලයේ වින්දනයකි.😉දවසම ලැපට ඇස් ගිල්වාගෙන ලෝකප්‍රකට චිත්‍රපටි කෝටියක් බැලුවත් ඒ සතුට නම් අහලකටවත් එන්නේ නැත.ඒකට වැස්සම ඕනෑය.හැබැයි කතාව මේකය. 🐤
   වැස්ස හැමෝටම විඳින්න බැරිය.එවා එන්නේ හදවතින්මය.වැස්ස යනු වහින විට ඔලුවේ ඉඳන් පොරවාගෙන ගුලි ගැසී නිදා ගන්නා හැඟිමේ සිට මනෝ ලෝකවල රජවෙන්නට හීන පොම්ප කරන මැෂිමකි.🐥 මට නම් එහෙමය.😍වැස්සට පෙම් බැන්ද විට එයින් මිදෙන්නට  බැරි ඒකය.සැබෑ ආදරය මෙනි.කොහොම කලත් ,කොහේ ගියත් කෑවත්,බීවත්,නිදාගත්තත් ඇත්ත ආදරයෙන් මිදෙන්නට බැරිය.දැන් කෙසේ වෙතත් ඉස්සර නම් වැස්ස මට හීන සහ බලාපොරොත්තු ගෙනෙන බැවින් මන් නම් වැස්සට අදත් පට්ටම ආදරේය.☺️
 

ඉතින්...   

වස්සානය ආයෙත්ඇවිල්ලාය.අවුරුද්දත් වැට අද්දර හෙමිහිට බැලුම් හෙලමින් හිඳී.නියඟයට සමුදී  බක්මහේ අකුණු හා එන වස්සානය... 💧💧⛈ මේ යලි යලිත්  නුඹ හා පෙමින් වෙලෙන්නට කාලයයි.❤️මහපොලොවේ ඉකිබිඳුම් නිමාකර සෙනෙහසින්  ගහකොලට දළුලන්නට කාලයයි..🌳🍀 මටත්  කුඩලිගමයන් ගේ කවි පදයකින්ම  මේ සොඳුරු වස්සානයට මෙසේ මහපොලොවට පෙම් බඳින්නට ආරාධනා කරන්නට කාලයයි. 🌸

"ගී දේවියට කැප කල දෙවොලකට  සම.. 🌸
කුටියක සුවඳ දෙයි කලු වැල් කපුරු දුම..
අද නම් නුවර එලියකි මා වෙසෙන  ගම..🌳🌳
මෙපමණ අලස දවසක් නොදුටුවෙමි මම.. " ☺️
                               
                                  -එච්.එම්.කුඩලිගම-
                                     "වැස්ස"

#වස්සානයට ආදරයෙන්...

#මානි ☺️🐥

         

No comments:

Post a Comment