Saturday, March 4, 2017

රාක්ෂ ආදරය ❤️

ඉකි ගසන රෝසමල්
පෙති එකින් එක් බිම වැටී..
මියැදෙමින් පණ අදින
බලාපොරොත්තුව දැනී...
කොයින් හෝ සුලං පොද
ගෙන ඒවි සතුට යලි..
නොදන්වා හිම පියලි ❄️
දොරකඩට ගෙනත් ඇති.. 🐤🌹


කුමරියක සුවඳ රැඳි
සාපයක් නිමා ඇති..
ජීවිතය ආයෙමත්
දලුදමා වැඩෙනු ඇති... 🌹
වැටෙන මල් පෙති ගානේ..
පැතුම් මියදී යාවි..
රැඳුණු එක් රෝස පෙති
අලුත් පැතුමන් දේවි..💐


කුණාටුව නිමවෙලා..⛈
වසන්තය යලි ඒවි..🌹
බිඳුනු ඔය රකුසු හිත
සෙනෙහසින් දලු දාවි..
නික්මෙනා නිමේෂෙක
ඇයත් කොයි ලොවක ඇති..
කාලයේ අරුණැල්ල🌞
ඇය මෙහෙට ගෙන ඒවි.. 🐤❤️


එදාට රක්ෂයා කුමරියට පෙම් බඳිවි.. 🌹❤️


#මානි 😉

No comments:

Post a Comment