උන්මාද වූ... 🌹🌹
උන්මාද නින්නාද
හිත ගත්ත හැන්දෑව..
සංසාර පින්සාර
හීනයකි හිතගාව..
කවී කීව..නුඹ ලීව
මගේ නොවී මන් ගාව...
සන්තාන පෙම් හීන..
නොකියාම නුඹ පෑව..
මට මාව නොතියාම
නුඹ දුරක ගිය අරුම..
සංසාර පෙම් හීන..
මන්දාරමෙන් ඈත
සිහිනයක් කඳු ගාව
නිම්නයේ දලු ලෑව..
උන්මාද නින්නාද
පෙම් කතා අපි ලීව.. ✒️✒️
ගිම්හාන මදහාස..
කන්කලුය ගී රාව..
කවිකාර හැන්දෑව..
ඉසිඹුලන ඉර පාන..
එකිනෙකට බැඳි තාම..
වෙන්ව ගිය ඔය දෑත..
තව ගැහෙන හදරාව..
නුඹ තවම මං ගාව..
#මානි



Comments
Post a Comment