Saturday, February 4, 2017

"දුවන දිවිල්ලක් හැබෑට.. 👢👢👢👢"

පාලුවට ගිය බ්ලොග් පිටුව.. 📝📝
නිවාඩු ගිය තනි රූල් කොල..📑📑
මේසෙ කොනක ඉඳන් හූල්ලන පාට පාට පෑන් ගොඩ...

එව්වා පැත්තක.. දෙයියනේ මට වැඩ තියෙනවා.. 😒😒
කවියක් ලියන්න .. ආසාවට ඇස් පියාන හීනයක් බලන්න.. මනෝ පාරක් ගහල තනියම හිනාවෙන්න..

නෑ නෑ අපට කොහෙද ඕවට වෙලාවක්.. දුවන්න තියෙනවනෙ..  රේස් එකක්.. 👞👞
සුසන්තිකා තරම් ප්‍රැක්ටිස් කරල ගෝල්ඩ් මෙඩ්ල් එකකට නොදිව්වට කොහොමහරි දඟලලා දඟලලා ගොඩ යන්න අපටත් අහින්සක හීන තියෙනවා..

"අපේ ලමයා ගෙදර ඉන්නවද ... මන් දැන් හුඟ දවසකින් හරියට මූණ දැක්කෙවත් නැ "

" බලාගන්න තරම් වෙලාවක් එයා ගෙදර ඉන්නවද අපේ මහත්තයා"

ඔන්න.. එ පාර ගෙදරටත් අපිව අමතක වෙලා.. මුනු පොතත් වහල බ්ලොග් එකත් පැත්තක විසී කොරල හරියට නිකන් ඉඩෝරෙට අහුවෙච්ච මොකද්ද පැලයක් වගෙ 🌾🌾 වේලී වේලී.. හැල්මෙ හති දාගෙන දුවන මේ ජිවිතෙ මොකද්ද කිය්ල හිතන්නවත් වෙලාවක් තියෙනවද කියල හිතන්නවත් දැන් වෙලාවක් නැතුව ගිහින්..

අපි දුවනවා..නිකම් නෙමෙ හැල්මෙ දුවනවා..👡👡👡 හිතේ ආසාවට ලියන්න ගත්තු කවි කතාවල චරිත ඊලඟට කොහෙ යන්නද කාව හම්බෙන්නද.. මොකක් කරන්නද කියල දන්නැතුව ඩෙස්ක්ටොප් එකට වෙලා අතරමං වෙලා බලන් ඉන්නව..  👀👀
එවා දිහාට ඇහැක්වත් යවන්නැතුව අපි ඩේටා බේස් බදාගෙන දඟලනවා...👻

පොත් පැන්සල් ලස්සන ලොකු හීන එක්ක ඉස්කොලේ ගිය එ කාලෙ කොච්චර සුන්දරද කියල හිතෙනවා.. දැනුත් පොත් පෑන් පැන්සල් නැතුව නෙමෙ..මෙ තියෙන්නෙ බැබලී 👀....එ අතරින් තව තව ජාතිත් ජිවිතෙට එන්න අරන්..ආදරේ ,බිඳුනු හිත්,බලාපොරොත්තු ,අසාර්ථක වෙන්න බය වගෙ දෙවල් එක්ක වෙන විකාර වලට කාලෙ යවන්න බයෙ ආසාවල් පැත්තක  දාල අපි ආයෙත් දුවනවා..👟👟

මෙහෙම දුවගෙන දුවගෙන යද්දී... පුංචි මහන්සියකට එක් තත්පර 1/1000 කට වගෙ නැවතිල්ලක ඉද්දී.. මට මෙහෙම හිතෙනවා...
දුවලා දුවලා දුවලා ඉවරවෙලා හති වැටිලා හුස්මක් ගන්නම බැරුව ගිහින් නතරවෙලා කවදහරි ආපහු හැරෙද්දී.... අපි හුඟක් දේ පහු කරන් හුඟක් දුර ගිහින් තියෙද්දී... එදාටත්...
අතෑරලා දාල ආව දුඹුරු පාට ගැහිච්ච කොල මිටි ටිකයි, තීන්ත ගල් වෙලා වේලුනු පෑන් ටිකයි... ඔද්දල් වෙච්ච මනස ඇතුලෙ තිබ්බ ලස්සන හීනයි ඉතුරු වෙලා තියෙවිද කියල... 😕😕

එහෙම තිබ්බොත් නම්... සමහරවිට ආයෙමත් ඒ හීනවලට පණදෙන්න අපට පුලුවන් වෙයි...
මොකද ජීවිතෙ ගෙවුනත් හැමදාම එක් වගෙ සුවඳ විඳින්න පුලුවන් එකම දේ " #හීන " විතරක්ම හින්දා ....👢👢 😊😊

නෙත් පියවෙන එක කලුවර අහසක..
සඳ තරු තනිවම බහක් දොඩනවා...
එ අහසම යට දෙතැනක තනිවුනු
තනිකඩ හිත විරහවක් විඳිනවා....

නිදිබර නෙත් යුග දහසක් වැඩ මැද
පෙම්බර සිත් තව දොඩමලු වෙනවා...
සැන්දෑ අහසට ඉඩදී මළ හිරු..
වලා ගැබේ සැඟවිලා නිදනවා..

ඊයක වේගෙන් කාටත් හොරැහින්
කාලය ඈතින් ඈත ඇදෙනවා..
කැරකෙන ජීවිත නොනිමි සිහින හා
ලොබ බැඳ මරණය තෙක්ම දුවනවා... "

#මානි 😊

#ෆැන්ටසියට ආදරෙන්.... 👀👀

No comments:

Post a Comment