කඳුල නුඹ...
"ආරාධනා නම්
කලේ නෑ මන්..
කොයිවෙලෙත් පහලට
වැටෙන්නට..
තවම දන්නෑ ..
කොහොම එනවද ..
නොනැවතී මේ ඇස් වලට
නුඹ ...
ඔහොම ඉනුවට
හිතේ දුකකට..
කෙලවරක් නැති..
ගඟක් විලසට...
ලැජ්ජා නැතිකම..
හයිය හිත් බිඳ..
සිනාසෙන්නට..
වගක් නැති ලෙස..
පාලු දුක්බර
කවියෙ පදයට..
අරුත්බර වූ "කඳුල"
නුඹ මට..
සමුදෙන්න දැන්...
යලි නොඑන්නට..
බිඳින්නට බෑ..
ගලක් අද මම..."
#මානි



Comments
Post a Comment