Sunday, February 5, 2017

ෆැන්ටැස්ටික් ෆැන්‍ටසියේ ෆැන්ටාසයිස් හීන 🎬👒👣🎩

"ජීවිතේ ෆිල්ම් එකක් නෙමෙයි බන්"  🎥🎬

තර්ක විතර්ක වාද විවාද දහසකුත් එකක් මතවාද අවසානේ ඔය කිව්වේ අන්තිමට... චිත්‍රපට ජීවිතෙ කරගත් තවත් එක් පිස්සියක් එවගේම පිස්සියෙක්ට ඔන්න ඔහොම කියනවා..

ඇත්ත..

ජීවිතේ කියන්නේ යාශ් චොප්රාගේ ආදරණීය සිනමා සිත්තමක ප්ලොට් එකක් වගේ නෙමේ.. ජීවිතේ යාශ් චොප්රාගෙ ෆිල්ම් එකක් වගේ වෙනවනම් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව සින්දුවක් කියාගෙන පරම, පිවිතුරු නිර්මල ආදරේක අයිතිකාරයෙක් විදියට මුලු ජීවිතේම අපේ වචනෙන් කියනවා නම් "ආතල් එකේ" ජීවත් වෙන්න තිබ්බා.. ඒ ෆිල්ම් ... මේ රියලිටිය 👒🎩👠👞

මිනිස්සු ආසයි ෆැන්ටසියට...🎩 රියලිටියෙ ජීවත් වෙලා වෙලා හති දාගෙන වෙහෙසට පත් වෙච්ච ජීවිතවලට ෆැන්ටසිය නිකම් කාන්තාරෙට වැටෙන වැහි පොදක් වගේ .☄..ෆැන්ටසිය කියන්නේ හීන ලෝකයකට... සැබෑ ජිවිතේ අයිති කරගන්න බැරි බොහෝ දේවල් තමන්ගේ කරගෙන විඳින්න පුලුවන් අරුම පුදුම තැනක් තමා "ෆැන්ටසිය" 😊

ෆැන්ටසියේ ආදරකතාත් වෙලාවකට ඒ වගේ... අයිති කරගන්නවද.. ජීවත් වෙනවද .. කැමතිවෙයිද ... නැත්ද.. දුක් විඳිනවද ඒ වගේ දේවල් ප්‍රශ්න වෙන්නෙ රියැලිටිය ඇතුලේ බොක්කෙන් නැත්තම් ආමාශෙන් ලව් කරන්න ගියාම.. හැබැයි ෆැන්ටසියට ඕක වෙනස්.. හරියට ෆිල්ම් එකක් වගේ..😉😉

කාට හරි ආදරයක් ඇතිවෙනව කියමුකෝ..සාමාන්‍යෙන් ඔය ආදරේ ඇතිවෙනවා කියන එකත් එක එක විදියයි.. සාමාන්‍ය සමාජේ වෙන දේවල් අහලා, දැකල කියනවා මිසක් ඔන්න ඊලඟට මේක කියවලා දුවගෙන දුවගෙන ඉන්බොක්ස් ඇවිත් අහන්නෙපා "ලව් ගැන PHD එකක් හම්බෙලාද අර කියවන්නෙ කියල 😉😉"

කොහොමින් කොහොමින්හරි කාටහරි කවුරු හරි ගැන හිතක් පහල වෙනවා.. ඕක රියලිටි එකේ නම් ...ඒ කියන්නේ ඊලඟට පටන් ගන්නේ නොකා නොබි ක්ෂිතිජ ඉමේ ඉඳන් අහස පොලව ගැට ගහන්න ෆුල් ට්‍රයි එකක් දෙනවා කියන එකට..⛅️ ඒ අස්සෙ ඔලුව නිකම් ඒලෙවල් කෙමිස්ට්‍රි පේපර් එකක් ගානට වැටෙනවා.. හා කියයිද ,බැ කියයිද,ඔව් කියයිද ,එපා වෙයිද,යාලු වෙයිද,තරහා වෙයිද ඔහොම ඔහොම එක එක එවා..බහුවරණ පේපර් එකක්.උත්තර ඔක්කොම එක වගේ.. මන් මොකට කියනවද.. දන්නෝ දනිතිනේ ඉතින්..😉😃

ෆැන්ටසිය ඇතුලේ ඕක වෙනස්  .. හැන්දෑවේ පාරෙදි දැක්ක කෙල්ලව ගෙදර එන ටිකට යාලුවෙලා ,කසාදත් බැඳලා මැරෙනකම්ම එකට ලුනුයි බතුයි  කාලා ...අන්තිමටම රෝමියෝ ජුලියට් වගේ එකටම මැරෙන්න ෆැන්ටසියෙ ඇතුලේ පුලුවන්😍...ලබාගන්නම බැරි ඈත තියෙන වස්තූන් දුකක් නැතුව ලබාගන්න පුලුවන් එකම තැන ෆැන්ටසිය විතරයි...👫

ඊලඟට මේ ෆැන්ටැස්ටික් ෆැන්ටසි හීනේ ඇත්තක් කරගන්නම ඕනි කියලා රියලිටි එක් ඇතුලේ ෆයිට් කරන්න ලෑස්ති හීරෝස්ලා ගේ කතාව වෙනම එකක්..හැබැයි ෆැන්ටසිය රියලිටිය ඇතුලෙ මවාගන්න ගිහින් ඔය ලෝක දෙක එකට හැප්පුනාම ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩිය ගානට වැටෙන්නෙත් අපිම තමා...🙈
ඊට පස්සෙ පටන් ගන්නේ ඉතින් නොකා නොබී කඳුලු බීලා සත්‍ය ප්‍රේමෙ නාමෙන් නාහෙන් අඬන සෝචනීය කොටස... ඔන්න ඔතනදි යාශ් චොප් රා ගේ ෆිල්ම් වල නම් අර ග්‍රෑන්ඩ් ක්ලයිමැක්ස් එක් දෙනවා.. ෆිල්ම් වල නලුවන්ට දෙයියොත් උදව් කලාට  රියලිටියේ මේක් වෙනස්...⏳⏳

ආදරේ විතරක් නෙමේ..හුඟක් තැන් වල ඕක ඔහොමයි..එකාකාරී ජිවිතෙන් මිදිලා මවාගත්ත ලෝකෙක ජීවත් වෙලා සතුටක් ලබන්න මිනිස්සු කැමතියි.. මම නම් කියන්නේ එහෙම කරන්න ඕනි..ෆැන්ටසිය ඇතුලෙ මැවෙන සේරම නොවුනත් තමන්ට ලබා ගත හැකි මට්ටමේ අරමුණු වගේ එවා ගැන හිතලා ඒවා ලබා ගන්න උත්සහා කලාට කමක් නෑ . 👢👢 හැබැයි ජීවත් වෙන්න හදන්නෙපා.. බොහොමයක් කවි,කතන්දර ලියන කියන දේවල් මුලින්ම මැවෙන්නෙ මිනිස්සුන්ගෙ හිතේ කියනවනේ ... ඒත් ජිවිතේ රියලිටිය ගේන ප්‍රශ්න වලට ෆැන්ටසියෙන් උත්තර හොයනව කියන එක් ටිකක් "බය හිතෙන " ටයිප් එකේ වැඩක්..⏰

ඔය හිතෙන් මවාගන්න ෆැන්ටසිය මගෙත් එක් ලොකු කොටසක්.. හැබැයි ඒකේ ජීවත් වෙනවද නැද්ද කියන එකත් අපේම දෙයක්.. තීන්දු ,තීරණ ගන්නකොට පොලවෙ පය ගහලා ජීවත් වෙන්න කියලා සරලව කෙටියෙන් කියන්නෙත් මේකටම වෙන්න ඇති..මොකද ඒක අපේ  ෆැන්ටසිය උනත් ,ඒක අපේ රියලිටිය උනත් අන්තිමට අපි ඉස්සරහට එන කන්දක් උස ප්‍රශ්න වලට උත්තර හොයාගන්නත් ඕනි අපිම හින්ද.. 🐤
  මොකද කරදර වලදි අපිට අපි මිසක් වෙලාවකට හැදූ වැඩු දෙමව්පියන්ටවත් අපට උදව්වක් කරන්න විදියක් නැති වෙන හින්දා...

ඒ හින්දා ඉතින්....
ෆැන්ටසිය විඳින්න.. රියලිටිය අත් නොහැර.. මොකද කවදහරි ජීවත් වෙන්න වෙන්නේ මේ ගෙන්දගම් පොලව උඩ කටු කොහොලින් පිරුනු ජිවීතයේ  තිත්ත ඇත්ත නොහොත් #රියලිටියේ නිසා.... 😊👍

#මානි

#ෆැන්ටසියට ආදරෙන් ‍❤️‍

4 comments:

  1. මේක පට්ට.
    ඇයි.. එයාට කවි ලියන්න එපා අනේ 😂😂😂😂

    ReplyDelete
  2. මේක පට්ට.
    ඇයි.. එයාට කවි ලියන්න එපා අනේ 😂😂😂😂

    ReplyDelete