මල් සිහින
" මමත් මල් දැරිවියක්
සිත ගාව ඉපදිච්ච...
දස අතින් මදහාස
මල් කැටිති විසිරිච්ච..
හීනෙනුත් ඔබ ගාව
සිත් පොකුරු පිබිදිච්ච..
මමත් මල් දැරිවියක්
නුඹ ගාව මියැදිච්ච..
තටු සලන වස්සාන
සිහිනයේ ඇහැරිච්ච..
නොකියාම මහ දුරක්
අපි ආවා නොදැනිච්ච..
ඝන අඳුරු වනපෙතක
මල් සිහින පොඩිවෙච්ච..
මමත් මල් දැරිවියක්
නුඹ ගාව මියැදිච්ච...
අනන්තව තව පිපෙන
මල් පොකුරු ඇහිඳිච්ච..
ඒ රොනින් ඔය සිහින
රස මරා ඉපදිච්ච..
නපුරු බඹරෙක් ද නුඹ
නොකියාම නොදැනිච්ච ..
මමත් මල් දැරිවියක්
සිත නුඹට මියැදිච්ච ... !!! "
- මානි -



WOW nice !!
ReplyDelete