Sunday, December 29, 2024

The Lion Women of Tehran


It’s truly remarkable how an entire year of reading various works can lead to discovering the best book of 2024 in its final days."The Lion Women of Tehran" by Marjan Kamali  provided the emotional depth and humanized storytelling I had been searching for all year.Spanning decades from the 1950s to 2022, the story takes readers on a journey through the streets of Tehran, Iran, while chronicling a friendship that endures the most challenging personal and societal upheavals.  

The novel revolves around Ellie and Homa, two girls from contrasting social backgrounds. Ellie comes from an upper-middle-class family and is raised by her ambitious,social climber mother, who remarries her late husband's brother to secure a better life for Ellie. Meanwhile, Homa, born into a politically active father, idealistic family, is the embodiment of resilience and strength—a lioness amidst the turmoil of Tehran.  

At the heart of the story is the loyalty of their friendship, a bond that begins at the age of seven and survives the tests of time, betrayal, and pain. Ellie, despite her flaws, becomes the unexpected architect of Homa's life trajectory—both for better and worse.   

The book doesn’t shy away from portraying the complexities of human relationships or the harrowing realities of life in a politically unstable country. Ellie, later married to Mehrdad—a compassionate and steadfast man—continues to wrestle with her past and the consequences of her actions.  

The backdrop of the Islamic Revolution and the subsequent war in Iran only heightens the stakes, reflecting how these two women’s lives intertwine with their country’s turbulent history. Despite their estrangement, Ellie and Homa eventually reconnect, their reunion a testament to the enduring strength of their friendship and how this bond inspires the next generation. The novel beautifully illustrates how the legacy of love, loyalty, and resilience can ripple across generations.  

Marjan Kamli masterfully captures the essence of Tehran’s political and cultural evolution while weaving a narrative of friendship, sacrifice, and redemption. The story is heart-wrenching, inspiring, and deeply moving, a testament to the strength of women and the men who choose to support and protect them.  

The Lion Women of Tehran is more than just a novel—it’s a tribute to the indomitable spirit of women and their ability to rise above circumstances. It’s a book that will stay with me for a long time. 

#Maani




Sunday, September 15, 2024

Inside Out 2 🫡


 Just finished watching the movie "Inside Out 2". Rather than simply beautiful, I’d describe it as intellectual because it definitely warrants discussion.

In the film, the emotions in Riley's mind—Joy, Sadness, Anger, and Fear—manage the Headquarters of her mind peacefully until puberty hits at age 13. This is when anxiety, the notorious new emotion, makes its entrance, bringing along a team of negative emotions like jealousy, envy, and embarrassment, taking over the Headquarters.

This shift symbolizes the loss of the joy or happiness we often felt as children. Suddenly, you're on edge, nervous, and worried about everything and everyone around you. The movie clearly shows how poor decisions can be made under anxiety. You might have a significant goal and a strong desire to achieve it, but in the process, you start losing the "good person" or the happy person you once were. As the film illustrates, anxiety takes over the mind, leaving Joy with only the basic emotions at the Headquarters while the more complex ones dominate.

The drama unfolds as anxiety, which can be useful in some situations, becomes overwhelming. It keeps you awake at night, thinking of countless ways things might go wrong, without offering any peaceful, positive thoughts. Anxiety thrives on this negative thought process, taking control and weakening other emotions day by day.

I love how Pixar's creators have depicted this so specifically. The moments in the film can make you reflect on your own experiences, recognizing similar feelings and challenges. This relatability extends beyond Riley’s story, even if it has been years since you experienced puberty. After that point, the struggle with complex emotions and mood swings continues.

Joy leaves the Headquarters with the basic emotions and does everything to help Riley feel normal again. Despite the struggles, including the moments when Joy feels sad, angry, or powerless, she tries to restore balance. Anxiety initially aims to protect Riley by preparing for potential problems, but this often results in exacerbating the situation. The thought "I am not good enough" becomes particularly dangerous, leading Riley to feel inadequate and break her belief system. This results in a panic attack, vividly depicted by Pixar, capturing the overwhelming sensation of losing control.

Have you ever had a panic attack, where everything seems to collapse around you? Pixar does an excellent job illustrating this experience. Riley feels the weight of negative thoughts and memories she has bottled up, realizing how they have impacted her life.

In the end, Joy returns to Headquarters, acknowledging the strength of the avalanche of emotions Riley is experiencing. By allowing these feelings to be expressed, Joy helps Riley regain control. This illustrates how excessive pressure can disrupt a person’s functioning.

Ultimately, Riley calms down as Joy takes charge of the Headquarters, managing anxiety without letting it dominate. Pixar created a movie about emotions nine years ago, and I believe this sequel is a remarkable continuation. I’m looking forward to seeing how nostalgia, potentially the next significant emotion, might play a role in future films, as it can deeply influence our emotional experiences.

After all, "Inside Out 2" offers a powerful exploration of anxiety and its impact on our mental well-being. Through Ryle's journey, the film effectively conveys the importance of acknowledging and addressing our emotions, rather than suppressing them. The film's ending, with Joy and Ryle finding a way to coexist peacefully, offers a hopeful message that even in the face of adversity, it's possible to overcome challenges and find inner peace.


A must watch!! 🫡

- Maani -  






Saturday, August 10, 2024

A Man Called 'Ove'



Im not a person who cried over books. I normally don't. It could be because I prefer happy endings, all of my romantic fictions got their happily ever afters or whatever. 

Today, I cried. Tears pouring down over my cheeks when I finally reached to the end of this "Beautiful Book" which takes a little  longer to finish than usual.

Ove, A man, a grumpy old man, still so lovable, but misunderstood by the whole world except his darling wife Sonja, Ove is the grumpiest, Do it right guy in the entire land of Sweden. He has his obstacles for life,Reasons that cause for his annoyance & anger developed through years but still he is live like gentlemen who do things in the correct manner. Respect the law,making them and ordering others to live up to them like prohibiting Vehicular traffic in his respectful residential area. Trust me, its a thing.

Almost in his 60s,loosing his wife to cancer, no kids, this old man live in the area with his old terms surrounded by the upgrading young generations. One day an Iranian women with three kids and her husband Patrick who Ove called "The Lanky One" moved to the neighborhood changing Ove's life completely and how.

Ove need a quiet life.But he ended up 6 adults and 4 little kids turning the last years of his lives to something he never expected it would be.

Ove believes he stopped living, when Sonja passed away but life keeps him alive with giving him the company of love,companionship of friends who don't give up so easily.

This book reminds me that, In the end a person will have someone.Someone to care.Someone to hold on. No body in this world won't be truely alone.Even if they aren't yours.Life throws many at you but it never leave you to be totally alone. Even if you want to die early, life has better plans for you indeed. 

Thats how it should be. As the book quote 


" 𝑫𝒆𝒂𝒕𝒉 𝒊𝒔 𝒂 𝒔𝒕𝒓𝒂𝒏𝒈𝒆 𝒕𝒉𝒊𝒏𝒈. 𝑷𝒆𝒐𝒑𝒍𝒆 𝒍𝒊𝒗𝒆 𝒕𝒉𝒆𝒊𝒓 𝒍𝒊𝒇𝒆 𝒂𝒔 𝒊𝒇 𝒊𝒕 𝒅𝒐𝒆𝒔 𝒏𝒐𝒕 𝒆𝒙𝒊𝒔𝒕, 𝒂𝒏𝒅 𝒚𝒆𝒕 𝒊𝒕'𝒔 𝒐𝒇𝒕𝒆𝒏 𝒐𝒏𝒆 𝒐𝒇 𝒕𝒉𝒆 𝒈𝒓𝒆𝒂𝒕𝒆𝒔𝒕 𝒎𝒐𝒕𝒊𝒗𝒂𝒕𝒊𝒐𝒏𝒔 𝒇𝒐𝒓 𝒍𝒊𝒗𝒊𝒏𝒈. 𝑺𝒐𝒎𝒆 𝒐𝒇 𝒖𝒔, 𝒊𝒏 𝒕𝒊𝒎𝒆, 𝒃𝒆𝒄𝒐𝒎𝒆 𝒔𝒐 𝒄𝒐𝒏𝒔𝒄𝒊𝒐𝒖𝒔 𝒐𝒇 𝒊𝒕 𝒕𝒉𝒂𝒕 𝒘𝒆 𝒍𝒊𝒗𝒆 𝒉𝒂𝒓𝒅𝒆𝒓, 𝒎𝒐𝒓𝒆 𝒐𝒃𝒔𝒕𝒊𝒏𝒂𝒕𝒆𝒍𝒚, 𝒘𝒊𝒕𝒉 𝒎𝒐𝒓𝒆 𝒇𝒖𝒓𝒚. 𝑺𝒐𝒎𝒆 𝒏𝒆𝒆𝒅 𝒊𝒕𝒔 𝒄𝒐𝒏𝒔𝒕𝒂𝒏𝒕 𝒑𝒓𝒆𝒔𝒆𝒏𝒄𝒆 𝒕𝒐 𝒆𝒗𝒆𝒏 𝒃𝒆 𝒂𝒘𝒂𝒓𝒆 𝒐𝒇 𝒊𝒕𝒔 𝒂𝒏𝒕𝒊𝒕𝒉𝒆𝒔𝒊𝒔. 𝑶𝒕𝒉𝒆𝒓𝒔 𝒃𝒆𝒄𝒐𝒎𝒆 𝒔𝒐 𝒑𝒓𝒆𝒐𝒄𝒄𝒖𝒑𝒊𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒊𝒕 𝒕𝒉𝒂𝒕 𝒕𝒉𝒆𝒚 𝒈𝒐 𝒊𝒏𝒕𝒐 𝒕𝒉𝒆 𝒘𝒂𝒊𝒕𝒊𝒏𝒈 𝒓𝒐𝒐𝒎 𝒍𝒐𝒏𝒈 𝒃𝒆𝒇𝒐𝒓𝒆 𝒊𝒕 𝒉𝒂𝒔 𝒂𝒏𝒏𝒐𝒖𝒏𝒄𝒆𝒅 𝒉𝒊𝒔 𝒂𝒓𝒓𝒊𝒗𝒂𝒍.𝑾𝒆 𝒇𝒆𝒂𝒓 𝒊𝒕, 𝒚𝒆𝒕 𝒎𝒐𝒔𝒕 𝒐𝒇 𝒖𝒔 𝒇𝒆𝒂𝒓 𝒎𝒐𝒓𝒆 𝒕𝒉𝒂𝒏 𝒂𝒏𝒚𝒕𝒉𝒊𝒏𝒈 𝒕𝒉𝒂𝒕 𝒊𝒕 𝒎𝒂𝒚 𝒕𝒂𝒌𝒆 𝒔𝒐𝒎𝒆𝒐𝒏𝒆 𝒐𝒕𝒉𝒆𝒓 𝒕𝒉𝒂𝒏 𝒐𝒖𝒓𝒔𝒆𝒍𝒗𝒆𝒔. 𝑭𝒐𝒓 𝒕𝒉𝒆 𝒈𝒓𝒆𝒂𝒕𝒆𝒔𝒕 𝒇𝒆𝒂𝒓 𝒐𝒇 𝒅𝒆𝒂𝒕𝒉 𝒊𝒔 𝒂𝒍𝒘𝒂𝒚𝒔 𝒕𝒉𝒂𝒕 𝒊𝒕 𝒘𝒊𝒍𝒍 𝒑𝒂𝒔𝒔 𝒃𝒚. 𝑨𝒏𝒅 𝒍𝒆𝒂𝒗𝒆 𝒖𝒔 𝒕𝒉𝒆𝒓𝒆 𝒂𝒍𝒐𝒏𝒆."


- Maani - 




Wednesday, July 17, 2024

එලවළු වට්ටියේ වෙසක් කූඩුව 😉


      තාඩන,පීඩන,තර්ජන,ගර්ජන,මැද ගෙවෙන උසස් පෙල ජීවිතය යනු අමුතුම තාලේ ඇඩ්වෙන්චර් චාරිකාවකි.එක්කො ගිලෙයි.නැත්තං ගිලී මැරෙයි වාගෙ බියකින් ඉන්නා කාලයකි.දන්නෝ දනිති. කෙසේ හෝ අපේ පන්තියෙ කෙලි රොත්ත සිය ප්‍රථම අවුරුද්ද ගෙවා දැම්මේ සාමාන්‍ය පෙළ පන්තියකටත් වඩා සැහැල්ලුවෙන් දෝ  මන්දා ය.ඉතින් වසරක් ගෙවී අපේ සිනීයර්ස්ලා විභාගයට මුහුන දෙන්නට ගියවිට අපව මැයි මාසයේදී දොලහෙන් 13ට උසස් කරන ලදී.

        
      මේ කියන්නෙ 2012 මැයි මාසය ය.මැයි කියන්නේ වෙසක් ය.ඉතින් අලුත් පන්තියේ මෙන්ම පාසල් ජීවිතයේ සමරන අවසාන වෙසක් උත්සවය සමරන්නටද අපට මේ කියන කාලයේ නියම වී තිබුණි.කෙසේ හෝ දෛවයේ සරදමින් ද මොන එහෙකින්ද යැයි නොදන්නා මුත් වෙසක් නිවාඩුවට දින දෙකකට පෙර අපව 13 වසරට දමන ලදී.අප මොනතරම් වාසනාවන්ත දැයි කියන්නේ මහත් වූ උත්සහයකින් පසුව මුලු බාලිකාවෙන්ම හොඳම යැයි සම්මත පන්ති කාමර එකක අයිතිකාරීත්වය අපට ලැබීම ය.
      
           එනම් පාසලට ඇතුල්වන තැනම විද්‍යා අංශ ඉදිරිපස බිල්ඩිමේ බැල්කනිය හිමි පන්ති දෙකෙන් එකකි.එය ලබා ගන්නට ගොස් සාමාන්‍යයෙන් එහි යාවජීව සමාජිකත්වය ලබා සිටි සෙට් එක හා අමනාප වෙන්නට සිදුවීම ඇවිත් වෙනමම කතාවකි .කෙසේ හෝ වේවා එපරිද්දෙන් අප පාසලේ වැඩිමල්ම සිසුවියන් බවට සාඩම්බරයෙන් පත්වීම් ලද්දෙමු.(එහෙත් අපගේ ක්‍රියාකාරකම් බාලාංශයටත් හපන් වීම නැවතී තිබුනේ නැත.)😂
 
         අනෙකුත් පන්ති වල සිසුහු දින කිහිපයක් තිස්සේ වෙසක් කූඩු තරඟයට සූදානමින් ය.ඒකට අපිට ඕවාගේ වගේ වගක් නැත.රට පෙරලුනත් ගානක් නැති ලෙස ජීවත් වන අපට වෙසක් කූඩූ මතක් වූයේ අනෙක් සිසුන්ගේ වෙසක් කූඩූ සැකිලි දකින විටය.
  
       ඒ වනවිට අර පන්ති කාමර සිද්දියට දෙතුන් ගොල්ලක් අප හා නොරොක් වෙලා ය.කෙලින් නොබලයි.කතා බහක් වැඩිය නැත.උඩින් බලා යයි.එකම එකක් ය.ඉවසනා දනා රුපු යුදයට මොකද්ද එක කියා තවත් ඉවසිය නොහී ගේමට බැස වෙසක් කූඩූ තරඟය දිනමු යැයි කතා බහක් ඇති වන්නේ ඔය අතරේ ය.
    එහෙත් ගැටලුවකි.බට නැත.කොලත් නැත.සේරටම හපන් හදන්නට එකකුත් නැත.දවසත් ගෙවෙමින් යයි.තරඟය හෙට ය.දැන් ඉතින් වෙන කුමක් කරන්නද... සිතමින් කල් ගෙවන සමයේ ...

"ඒ හලෝ අපි මොණරෙක් හදමුද?? " 😍 අදහස පන්තියේ කලාකාරීයෙකුගෙනි.

"මොකෙක්..?? " 😒

"මෙහෙමයි හලෝ... මායි අපේ අප්පච්චී ගියපාර එකෙක් හැදුවා..."දිමා ගේ ඇස් බබලයි.
      (දිමාත් ,දිමාගේ අප්පච්චීත් ඔය වාගෙ අමුතු අමුතු මනස කලම්බන වැඩ වලට හෙනම දක්ෂය.මගේ පෞද්ගලික අත්දැකීමෙන්ම මම එය දනිමි.) 😂❤️

"ඒ කොහොමද මොණරු හදන්නේ? .. ඒක ඉක්මන්ට හදන්න පුලුවන්ද ??  "  එකෙක් විමසයි. 😕

"මෙහෙමයි හලෝ.. අපි උගෙ ඇඟ මෙහෙම හදල ...(අභිරූපනයෙන් ) ඔලුව මෙහෙම තියලා හොටක් දාලා තටු දාමු.එච්චරයි... "😃😃

"දිමා ෂුවර් ද? පුලුවන්නෙහ්? "😕
"ඔව් හලෝ නැත්තං අපට හෙට වෙද්දි ලේසිම එක් තමා මට හිතෙන්නෙ ඒක" 😊

"මැඩ්ම්ගෙ ක්වාටස් එකට එහා අර හොස්ටල් එක් පැත්තේ කැලේ අයිනෙ බට තියෙනවා .. මොකො කියන්නෙ යන්ද කපන්න?? "

   අම්මටසිරිය.දැන් ඉතින් අපට හෙන ගැම්මය.විනාඩි 5කට පෙර මුකුත් නැති අපට දැන් අදහසකුත්,සැකිල්ලට බඩුත් ඇත.මැඩම්ගේ ගෙදරින් ඉල්ලා ගත් මන්නයක්ද ගෙන ගමකට ගහන්නට මෙන් අපි 34ම කූඩූවලට බට කපන්නට කුරුලු කැලේට පැන්නෙමු.(ඔය පැන්නා කිව්වට අපි වැටෙන් මෙහා පැත්තේ සිට එහා පැත්තේ උණ පදුරෙන් බට කැපුවෙමු.)😁🙈
   
       ඒ පඳුරෙහි මන්නෙකින් කපන්නට තරම් ලොකු බට නැත.හෙන හීනී බටය.ඒක වැඩිය හොඳය.ගෙවල් වලින් බටද ,අරවාද ,මේවාද ගෙනා ඈයෝ කට ඇරන් බලා සිටිද්දී අපි අර ගැම්මෙන්ම ඉස්කෝලෙන් සොයා ගත් උණ බටත් ගෙන පල්ලම් බැස්සෙමු.
    
      කූඩුව යන්තමින් අටවා ගන්නට එදා කාලය තිබිණි.පසුදා අප එනවිට මොණරාගෙ කඳ ගුරු මේසය උඩ ය.ඔලුවද, තටුද, පන්තියේ තැන තැන ඔහේ වැද හොත්තේ ය.

    සිද්ධිය පටන් ගත්තේ ඉන් අනතුරුවය.අටපට්ටමකට කොල අලවා ඔහේ ඉන්නට සිටිතැයි සිතූ අපද මොකක් හෝ එකකට අර අදින වග එහෙ මෙහෙ පැතිරී තිබිණි.ලාස්ට් මිනිට් වැඩක් වුවද කරන්නට ගත් විට අපේ 34 එක වාගේය.මග පෙන්වීම දිමාගේ ය.සයිඩ් සපොට් එකට අනික් සේරමය.
  
        ඒ අස්සේ කාටවත් හදන්නේ කුමක්ද යැයි පවසන්නට එපා යැයි අපි කතිකාවතකට එලඹුනෙමු.අපේ පන්තිභාර ගුරුතුමා පැමිණ බලා අනුමත කරන බැල්මක් හෙලා පිටව ගියේය.කාටවත් මොනවා කරනවාදැයි නොපවසන්නැයි අපි එතුමාගෙන්ද ඉල්ලා සිටියෙමු.සර් ඉතින් ඒවාගෙ ඒවාට කවදත් හා ය.එමෙන්ම කිසිදු අන් පන්තිකාමර වාසීයෙකුට එදින අපේ පන්තියට පැමිණීම පවා අපි අපි  තහනම් කලෙමු. 😁
   
   දැන් වැඩේ යයි.

"ඔයාලා මොකද්ද හදන්නේ හලෝ?? " 😒

" හැදුවාම බලන්නකො.. " 😊

    විමසා පිලිතුරු නැති කල් හී එහෙන් මෙහෙන් එබිකම් ඇසෙයි.දොර ගාව කැරකෙයි.වෙනදා නැති තරම් අරකද,මේකද ඉල්ලන්නට එයි.හැමතිස්සේම දොර අරින්නට වෙයි.මොනරාගේ කඳද, බඩද පමණක් තවමත් සවි වී නැත.ඔත්තු බලන්නෝ එමටය.අවසානයක් නොමැති තැන් හී අපි පන්තියෙ දොර වසා අගුල දමාගත්තෙමු.😂
   
       එලියේ කසු කුසු ඉහල නගිමින් පවතින සමයේ අසල්වැසියෝ විසින් නුවණින් සිතා සොයා බලන්නට අපේ දයාබර පිසික්ස් ගුරුතුමිය එවන්නේ ඔය අතර ය.අපට ඈට දොර වසා සිටින්නට නොහැක.පහත සිදුවීමේ පුවත එසේ ය.මොණරාගේ කෑලි තවමත් සී සී කඩය.සව් කොලවලින් ඔතා ඇත.

ඈට පිටුපසින් එබෙන ඔලු ගෙඩි අපි නොසලකා හැරියෙමු.

"ළමයි ඔයාලා මොනවද හදන්නේ... ? " 😊
ඇයට ඇත්ත කියන්න බැරි නැත.එහෙත් රැකගත් රහස??

"අපි මේ... මේ අපි එලවලු වට්ටියක් හදනවා " 😁

"මොකක් හදනවා..?? " 😱
අහෝ !!! අපේ දයාබර පිසික්ස් ගුරුතුමිය.. ❤️

"එළවලු වට්ටියක් ටීචර්..මේ තියෙන්නෙ පතෝල.. බණ්ඩක්කා.." 😁

"ඈ..??" 😕

"එතකොට මේ බෝංචි..මේ වට්ටක්කා..මේ අර්තාපල් ..." 😁

මොණරාගෙ බඩ පතෝල වී ,තටු බණ්ඩක්කා වී,ඔලුගෙඩිය අර්තාපල් උනේ එහෙමය.එතුමිය කොතරම් සුහදද යත් අපට හොඳින් නිර්මාණය අවසන් කරන්නැයි කියා පිටව ගියාය.අපේ මගඩිය හසූ වූවාද යන්න නොදනිතත් ඈ පිටතට ගොස්

"ඒ ළමයි අර එළවලු වට්ටියක් හදනවා කියන්නේ" යැයි පැවසූවාය.😂

කෙසේ හෝ අපි මොකෙක් හෝ කුරුල්ලෙකු හදන වග පිටතට ගොස් තිබූ අතර එක් ගුරුතුමෙක් විත් බලා

"ළමයි ...මොකෙද්ද ඔය.....කුකුලෙක්ද?? " යැයි විමසීය.😒

ඒ අතරේ තවත් පුවතකි.ඒ එහා පන්තිය හංසයෙක් හදනා වගය.දැන් තරඟය කොච්චර දරුණුද යත් අපි එකිනෙකා හා දුටුවිට ඔරවාගන්නා තරමට තත්වය පත්වී තිබුණි.🐥
      අවසානයේ මොණරා අවසන් ය.මොණරා නිර්මාණය කල කාලයේ පන්තියද රස සාගරයකි.දවසම උගන්වන්නේ නැති මෙහෙම දවස් හෙනම අඩුය.අපට ඉතින් හරිම විනෝද ය.එහෙන් අර දිනන්න ඕනෑ යන ගැම්ම ය.මෙහෙන් මොණරා ගැන ඔත්තු බැලීම් ය.ඒ කාලයේ ඕවා මහ දේවල් වෙද්දී පන්තියෙ අභ්‍යන්තරයද රස සාගරයක් වී තිබිණි.කෙල්ලන් රොත්තකට හිකි හිකි ගාන්නට ගහක,කොලක,මලක් වුවද ඇති කියන්නේ ඒකය.

    අපේ මොණරාට ඇස් තියන්නට වෙලා මදිය.⌛️ඉතින් ඇස් ඇන්දෙමු.උගෙ බෙල්ල රඳව තිබුනේ උණ පතුරක් මත නිකම්ම ය.මොකද අපට වේලාව මදි විය.හදපු එකක් ගෙන පහලට එන්නැයි දැනුම් දෙද්දීත් අපේ මොණරාට ඔලුවක් නොවීය.😂
    සුබ නැකතින් මොණරා පහලට ගෙන ආවෙමු.උගෙ බෙල්ල තිබුනේ කාගෙදෝ අතකය.කුරුල්ලාට බෙල්ලක් නැත්දැයි අසන්නෝ බොහො වෙත් දී අපි සයන්ස් එක් ඉදිරිපස උන්දෑව ඩෙස්ක්‍ එකක් මත විරාජමාන කොට බෙල්ල අර උන පතුරෙහි රැඳවීමු.🐦

              පාසලම වෙසක් සිරි ගෙන ඇත.පිට්ටනිය මැද්දේ උඩරට නැට්ටුවෙකි.තරුද,අටපට්ටම්ද මැද තවත් නම නොදන්නා කූඩු රැසකි.අප අසල්වැසියන්ගේ හංසයා පොකුණට බැස දියෙන් කිරි වෙන් කරයි.🐥අපේ මොණරා මෙලෝ හැල හොල්මනක් නැතුව බලා ගත්තු අත බලා හිඳී.දැන්නං දිනුමත් එපා ය .අපට ඒ තරමට එතකොට හොඳ ගණන් ය.😓
    කෙසේ හෝ ඒ හැලහොල්මනක් නැති මොණරා විදුහල්පතිනිය ,උප විදුහල්පතිනියන් අධීක්ෂණයට එනතුරු බලා සිටියේ ය.

"මොකද්ද ළමයි මේ.. ? 😊

නිල්පැහැ,දම් පැහැ,කොල පැහැ පිහාටු වලින් හැඩවූ මොණරා දෙස බලා විදුහල්පතිනිය විමසයි.

"මැඩම්.. මේ මොණරෙක් " 😊 අපි පැවසවෙමු.

එවිටම වාගේ...
   අහෝ පුදුමයකි.මේ නම් ඇදහිය නොහැකිය.😱මොණරා අප විදුහල්පතිනිය වෙත සිනා පපා ඔලුව වනයි.. ඒකත් හරි තාලයකට ය.😍

"ඌ මැඩම්ට ඔලුවත් වනනවා " යැයි කවුදෝ පවසයි.😁

කෙසේ හෝ වේවා එම වසරේ අපේ එළවලු වට්ටියෙන් උපන් මොණරා විද්‍යා අංශයේ ප්‍රථමස්ථානය දිනා ගත්තේ ය.😍අපි පාසලෙන්ම දෙවැනිස්ථානය දිනුවෙමු.වාණිජ අංශයේ උඩරට නැට්ටුවා පාසලෙන්ම හොඳම පහන් කූඩූව බවට පත් විය.

සතුට යනූ අප ජයග්‍රහණය කිරීමය.ලාස්ට් මිනිට් වැඩක් ය.අනෙක මම නම් අදත්  සිතන්නෙ කූඩුවේ ලස්සන වාගේම අපේ මොණරාණෝ අපේ මැඩම්ට හිස  වනා සිය ආචාරය පුද කල නිසාම අපි ජයග්‍රහණය ලැබූ බව ය. 👏

ඉතින් එවෙලේ කුරුළු කැලෙන් ඇරඹී  පාසල හරහා හමා ගිය මද සුලඟට අප අදත් බෙහෙවින්ම ස්තූතිවන්ත වන්නෙමු. 😂

මතු සම්බන්ධයි.!!!

#මානි

සිත්තම : මේ මැරෑටි කෙලි රොත්තේ සිටි හොඳම සිත්තරියකගේය. 




Friday, July 12, 2024

The Idea of You



Someone from my close proximity told me in recent times "Maani, Love is blind". Caming it out from a real person not a book wonders me first but yes, it could be blind. Going through the pages of this book slowly slowly makes me understand how people desire for it, how it could happend in most acceptable and non acceptable ways (according to social norms) and how people have to live with the circumstances of truley being in love. 

In such a controversial topic, the way Robinne Lee wrote the story of a single mother of 40, Falling in love with a guy of 24 years old from a famous boy band, Robinne Lee truely mastered the way of her writing filling it with empathy without getting cringed. She wrote it in a way not so "fairy tale" but merging with the reality of digital age, social media abuse, the way people  hate, talk and judge about other people's lives being truely emotionless and how the target become victimized with this unappealing vindictive behavior of the society. 

Casting the Gorgeous Anne Hathaway & equally handsome #NicholasGalitzine makes it easy to relive the experience while reading it in your head and I'm happy how the movie makers end it with a hope for this innocent duo in the movie who did nothing wrong but loving each other meanwhile in the book which is not. 

In a world either east or west Love is still struggling to find its way through society norms, where we all judge others ( people who say no Im not judging, oh c'mon you do it in your heads) I want to believe that oneday Love will find it own way to make us more human than being notorious gossip mongers! 

Only for readers not judgers highly recommending... 


- The Idea of You  #RobinneLee

#Maani





Saturday, June 29, 2024

මහ වන අරණේ පුංචි කතුවරිය

  මීට වසර ගණනාවකට පෙර මඩොල් දූවට එහා පොතක් නොකිය වූ, පුංචි අකුරු වලින් සමන්විත ලොකු පොත් කියවීම පිලිබඳ එතරම් තැකීමක් නොකල, එහෙත් අම්මා විසින් සතියක් පාසා ගෙනවිත් දුන් ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන්  ලිය වුනු හපනා පත්තරයේ පල වූ සති පතා කතාංගයත්, ඊටත් මාස කිහිපයකට පසු අලුත් පාසලට යාමට මත්තෙන් ලැබුනු විජය සහ මිහිර පත්තර වල පල වූ ලිපිත් හෙමින් හෙමින් කියවන්නට පුරුදු වූ කෙල්ලක සිටියාය.

ඇයට සහෝදර සහෝදරයින් සිටියේ නැත. ඇගේම මනෝ ලෝකයක ජීවත් වූ මේ පුංචි කෙල්ලට ඒ දවස් වල තිබූ ලොකුම උණ වූයේ අලුත් ඉස්කෝලය විතරමය.

මේ අතර වාරයේ එක්තරා වැසි සහිත සන්ද්‍යාවක, කුමක්දෝ හේතුවකට කුරුනෑගල නගරයට ගිය ඇගේ අම්මා, එක්වරම නිවසට පැමිණ මෙන්න මේ පොත හොඳද බලන්නැයි පවසා ඈ අත පොතක් තැබුවාය. ඇඳේ වැතිරී යාබද ගසක වැස්සෙන් තෙමී පෙඟුනු දෙමලිච්චෙකු නරඹමින් සිටි මේ පුංචි දැරිවිය සැලකිලිමත් බැල්මක් යොදා අතට ගත් පොතේ කවරය වනාන්තරයක ගස් වලින් වටවූ පුංචි නිවසක වහලයකින් සැරසී තිබුනු අතර එහි නම සටහන් වී තිබුනේ "වන අරණක කුඩා නිවස" ලෙසිනි.

පලමු පරිච්ඡේදයට අසල්වැසි පිටුවේ බෙල්ලට දික් වූ කොන්ඩයකින් යුත් පුංචි ගැහැනු දැරිවියක් පැන පැන ඇවිදින්නාක් මෙන් වූ චිත්‍රයකි.එහිම ඈ පිටුපස තොප්පියක් පැලඳ ඇගේ සහෝදරිය මෙන් තවත් පුංචි ගැහැනු ලමයෙක් ඇවිද ආ අතර, ඒ පිටුපසින් ඇගේ දෙමාපියන් විය හැකි තරුණ යුවලක් ඇවිද එන අන්දමේ සිතුවමක් විය.
ඒ සිටින්නේ බාගයක් බීපු ඇබිත්තං පැණි රස සයිඩර් බෝතලයක්  ලෙස අප්පච්චි ආදරෙන් හැඳින් වූ දඟකාර ලෝරාත්, ඇගේ නිල්වන් ඇස් ඇති සුන්දර විනීත සොහොයුරිය වූ මේරිත්, සෑම රැයකම රවුකිඤ්ඤය වැයූ ආදරනීය අප්පච්චී චාල්ස් සහ ඉතාම රසවත් කෑම සෑදූ සුන්දර රුවැති අම්මා කැරොලයින් බවත් වටහා ගන්නට මේ පුංචි කෙල්ලට ගත වුයේ සුලු කාලයකි.

හිකරි දුම් ගැසූ මුවමස්ද, පෙපින් විලේ මාළුන් ද, අවුරුද්දකට වරක් ලැබෙන රෝස් කල ඌරු වලිග ද, අම්මාගේ ගෙවත්තේ නැවුම් එලවළුද, සීනී හිම කාලයට සෑදූ මේපල් පැනිද, සීයාගෙ නිවසේ මනරම් නැටුම් උත්සවද, එලිසා මහම්මා සහ පීටර් මහප්පාගේ නිවස අද්දර සිටි අඳුන් දිවියාගේ කතන්දරද, ආදරනීය ජැක් ද, ග්‍රීස්ම ඉර්තුවේ අස්වනු නෙලන විට මැරෑටි වැඩ කෙරූ සහෝදරයා චාලිද, අම්මා බටර් හදන දවස්, රෙදි සෝදන දවස්, පාන් පුලුස්සන දවස් හා අප්පච්චි නගරයට ගොස් හම් විකුනා තෑගි ගෙනෙන මනරම් දවස් වලින් සන්තර්පිත වූ ලෝකයක මේ පුංචි කෙල්ල කොතරම් අතරමං වූ වාද යත්, ඈ විකොන්සිස් මහ වනයේ සිට යලි සිය නිවසට ආවේ ඇගේ අම්මා රෑ කෑමට අඬ ගැසූ ස්වරයෙන් පසුවය.

ඉතින් එදායින් පසුව ඈට ආපසු යෑමක් තිබුනේ නැත. ඇය පොත් වලට ආදරය කරන්නටත්, ඈ පොත් ලෝකය තුල අතරමං වන්නටත්, පොකට් මනි එකතු කර පොත් ගන්නටත්, පන්තියේ වාර විභාග වලින් හොදම ලකුනු ගත් විටත්, සිය උපන්දිනවලටත්  ආදී එකී මෙකී නොකී සෑම විශේෂ අවස්තාවකම පොතක් තෑගි වශයෙන් ඉල්ලන්නටත්, සිය පලමු වැටුපෙ සිට සෑම මසකම එක පොතක් හෝ ගන්නා කාලය දක්වාම පොත් වලට ඉමහත් ලෙස ආදරය කරන්නියක බවට පත් වූවාය. ඒ ලෝරා මැවූ රසවත් ලෝකයත්, ඒ ලෝකයේ රස නොමරා වඩාත් රස වඩවා පරිවර්තනය කල ගංගා නිරෝෂනී සුදුවැලිකන්ද මහත්මියට පිං සිදුවන්නටය.

එතනින් ඇරඹී ලෝරා සමඟ රතු ඉන්දියානු ප්‍රදේශයේද, මිදි ඔය අසබඩද, රිදී විල් තීරයේ මිනින්දෝරු නිවාසයේ ද, නගරයේ නත්තල් ගස්ද, නපුරු නෙලී ඕල්සන් සමඟ දබර කරගන්නට ද අම්මා ඊලඟ පොත ගෙනවිත් දෙන තුරු බලා සිටිනවා සේම, පොත් කවර වල විස්තර සඳහන් වූ කතුවරයන්ගේ වෙනත් කෘතිද එකින් එක එකතු කරන්නටත් පුරුදු වූ මේ කෙල්ල, ඇගේ අලුත් ඉස්කෝලේ පන්තියේ යෙහෙලියන් හා මිතුරු වූයේද මේ පොත් ඔවුන් හා බෙදා ගනිමිනි. Book Club ගැන සංසාරයක් නොදැන සිටි කාලයක පවා ඔවුන් නොදැනුවත්වම  ඒ සංකල්පය ක්‍රියාවට නංවා තිබුනේ එසේය.

ඉතින් මහ වන අරණේ පුංචි කතුවරිය ඉක්මනින්  කියවා අවසන් කර නැවතත් වන අරනක කුඩා නිවසේ සිට ලිට්ල් හවුස් කතා මාලාව නැවතත් කියවන්නට යාමට පෙර අවසන මෙසේ ලියමි..

හිතවතුනි, මහ වන අරණේ පුංචි කතුවරිය යනු ඔබ තුල සිටින පුංචි කෙල්ලන් නැවත අවදි කරවා බාල කාලයට ආපසු ඇවිද යාමකි.ජීවිතයේ රළු බොරලු මතින් දියව යන ඇතැම් ළදරුමය අහිංසකකම් නැවත හදවතට ලං කර ගැනීමකි. කාලයෙන් කාලයට ලෝරා අලුත් වී නැවතත් අප අතරට පැමිනිය යුත්තේ එබැවිනි. අපට අප මතක් කර, අතීතමය නොස්ටැල්ජියාවක ගිල්වා උණුසුම් හැඟීමකින් හදවත පුරවන්නට ඇයට හැකිය. ඒ ව්‍යාමය අත් නොහැර අල්වා සිටිනවාට මම ගංගා නිරෝෂනී සුදුවැලිකන්ද ට ස්තූතිවන්ත වෙමි. ගලින් ගලට පැන ගිය ඇතින්නියන් ගැන දරු නැලවිලි කියන යුගයක සිටින ලෝරාගේ පලමු රසික පරම්පරාවට ඒ සුන්දර අතීතය අනාගතයට රැගෙන යන්නට හැක්කේ එවිටය. මන්ද මගේ අම්මා දුර දිග නොහිතා ගෙනත් දුන් එක පොතක් මගේ කාමරයේ ඉඩ මදි වන තරමට ගොඩ ගැසෙන පොත් කන්දකට මග පෑදුවාක් මෙන්, වන අරණක සිටි එක් පුංචි කෙල්ලක් සියවස් දෙකකට මෙහා උපන් තවත් එක පුංචි කෙල්ලක පොත් කාවෙක් බවට පත් කලාක් මෙන්.. තව දහස් ගණනක් පුංචි පොත් කාවන් අනාගතයේ බිහිකරන්නට බැරි නැත!

ලෝරාට සහ ගංගාට ඉමහත් ආදරයෙන්
#මානි