බිඳ බිඳ නැගෙන සාගරයක රැල්ල සම
දෑසින් කඳුලු පොර බදමින් පනින ඉම
හැප්පී බිඳෙන කොපුලුත් ගල්කුළු සේම
අඳිමින් මවති සේයාවන් බිඳුනු පෙම ...
අහසට සඳට කවි ලියු තුන් හිත පාළු..
සඳ නාමෙන් නැවතී ඈ කඳුළු හෙලූ..
දහසක් තරු මැදින් සහසක් සිහින මලූ..
සඳ බෙදනවා යලි ලෝකෙට අරුම බැලූ..
අමදාරා මී රසඳුන් පොවමින්නේ..
දහසක් සිහින දෙමි නෙළලා දොඩමින්නෙ..
කියුමන් වැලපෙමින් සිහිපත් කරමින්නේ..
එක් කුමරියක් සඳ දුන් දුක් ගිනි බොන්නේ ..වැටි මුතු පබළු මෙන් දිලිසෙන කඳුලු කැට
ගෙන දෝතට සිහිනය සේ පාට කොට..
කවි පබලුවක මෙන් අමුණා එකට මිට
පලඳිනු රිසිය තරු වැල් සේ මවා පොට..
සඳ හිමිකරත් දිලිසෙන මුතු කඳුලු වැනී
පලඳින්න ඒ මුතු කැටයම් ලෙසිනී..
කඳුලැලි බිඳුම යා කල සිත් මදහසිනී
වපුරන් ප්‍රේමය ම දළුලා සිනාසිණි ..
- මානි -
No comments:
Post a Comment