මල් උයන්..🌸


මට ඕනී මල් පිපුනු උයන් කොන 
ඇවිදින්න..
තනියෙන්ම හරි හැඩට පිපුනු මල්
විඳගන්න..
උදෑසන හිරු කිරණ හා පෙමින්
මියැදෙන්න..
නෙත ගාව පිණි කඳුලු මල්පැණින්
දෝවන්න..

හෙමි හෙමින් සවන් බැඳි බිගු ගීත
මුමුණන්න..
පාලුවට ගිය හිතට යලි හැඟුම්
පුබුදන්න..
ඉඩෝරය අවසාන  වැහි සිහින
ඇහැරෙන්න..
මට ඔනී මේ උයනේ  ඉරක් සේ
හිනැහෙන්න..

වැහි දියට පෙමින් බැඳි පොලෝගැබ
සේ වෙන්න..
ඉඩෝරෙන් ඉරි තැලු  ඔවුන්  හා
පිබිදෙන්න..
මට ඔනී මල් පිපුනු උයන් කොන
නවතින්න..
ආයෙමත් හීන වල සත් පාට
තවරන්න... ❤️

ඔව්...
මට ඔනී හීනවල සත්පාට
තවරන්න..❤️

#මානි ✒️




Comments

  1. එහෙම ඕන ඕන දේවල් කරන්න ඉඩ දෙන්න බැහැ. හෙහ් හෙහ්

    ReplyDelete

Post a Comment

Popular Posts