මියගිය හදවතට... 💔

"හිම පියලි වාගේ සැහැල්ලුය සිත..
කැටිති වැස්සක් විලස ඇදහැලි..
අලුත් පැතුමන් දලුලනවා ඇත
නිරාමිස සැප සතුට පොබකර..

දිනක් එනු ඇත හිතත් දෙදරන
ඇවිලී ඇවිලී පිලිස්සී යන...
හැඟුම් සියොතුන් දැවී දැවීලා..
ලාවා සේ දස අතේ විසිරෙන...

තෙරක් නිම්තෙර නොමැති මානෙක
තනිව ඉකිලන හැඟුම් පොදි මැද..
එක්ම මොහොතක ගලක් වනු ඇත..
හිතත් ගිලීසේ ලාවා කතරක...

හිමෙන් ඇරඹී සියුම් සියුමැලි ..
උණු වෙනා දුක් ලාවා ගිනි මැද
හිසට පණ ඇති හිතට පණ නැති..
නොමිනිසුන් මැද මනුසතුන් මියදෙති.. " 

#මානි



Comments

Popular Posts