Wednesday, July 17, 2024

එලවළු වට්ටියේ වෙසක් කූඩුව 😉


      තාඩන,පීඩන,තර්ජන,ගර්ජන,මැද ගෙවෙන උසස් පෙල ජීවිතය යනු අමුතුම තාලේ ඇඩ්වෙන්චර් චාරිකාවකි.එක්කො ගිලෙයි.නැත්තං ගිලී මැරෙයි වාගෙ බියකින් ඉන්නා කාලයකි.දන්නෝ දනිති. කෙසේ හෝ අපේ පන්තියෙ කෙලි රොත්ත සිය ප්‍රථම අවුරුද්ද ගෙවා දැම්මේ සාමාන්‍ය පෙළ පන්තියකටත් වඩා සැහැල්ලුවෙන් දෝ  මන්දා ය.ඉතින් වසරක් ගෙවී අපේ සිනීයර්ස්ලා විභාගයට මුහුන දෙන්නට ගියවිට අපව මැයි මාසයේදී දොලහෙන් 13ට උසස් කරන ලදී.

        
      මේ කියන්නෙ 2012 මැයි මාසය ය.මැයි කියන්නේ වෙසක් ය.ඉතින් අලුත් පන්තියේ මෙන්ම පාසල් ජීවිතයේ සමරන අවසාන වෙසක් උත්සවය සමරන්නටද අපට මේ කියන කාලයේ නියම වී තිබුණි.කෙසේ හෝ දෛවයේ සරදමින් ද මොන එහෙකින්ද යැයි නොදන්නා මුත් වෙසක් නිවාඩුවට දින දෙකකට පෙර අපව 13 වසරට දමන ලදී.අප මොනතරම් වාසනාවන්ත දැයි කියන්නේ මහත් වූ උත්සහයකින් පසුව මුලු බාලිකාවෙන්ම හොඳම යැයි සම්මත පන්ති කාමර එකක අයිතිකාරීත්වය අපට ලැබීම ය.
      
           එනම් පාසලට ඇතුල්වන තැනම විද්‍යා අංශ ඉදිරිපස බිල්ඩිමේ බැල්කනිය හිමි පන්ති දෙකෙන් එකකි.එය ලබා ගන්නට ගොස් සාමාන්‍යයෙන් එහි යාවජීව සමාජිකත්වය ලබා සිටි සෙට් එක හා අමනාප වෙන්නට සිදුවීම ඇවිත් වෙනමම කතාවකි .කෙසේ හෝ වේවා එපරිද්දෙන් අප පාසලේ වැඩිමල්ම සිසුවියන් බවට සාඩම්බරයෙන් පත්වීම් ලද්දෙමු.(එහෙත් අපගේ ක්‍රියාකාරකම් බාලාංශයටත් හපන් වීම නැවතී තිබුනේ නැත.)😂
 
         අනෙකුත් පන්ති වල සිසුහු දින කිහිපයක් තිස්සේ වෙසක් කූඩු තරඟයට සූදානමින් ය.ඒකට අපිට ඕවාගේ වගේ වගක් නැත.රට පෙරලුනත් ගානක් නැති ලෙස ජීවත් වන අපට වෙසක් කූඩූ මතක් වූයේ අනෙක් සිසුන්ගේ වෙසක් කූඩූ සැකිලි දකින විටය.
  
       ඒ වනවිට අර පන්ති කාමර සිද්දියට දෙතුන් ගොල්ලක් අප හා නොරොක් වෙලා ය.කෙලින් නොබලයි.කතා බහක් වැඩිය නැත.උඩින් බලා යයි.එකම එකක් ය.ඉවසනා දනා රුපු යුදයට මොකද්ද එක කියා තවත් ඉවසිය නොහී ගේමට බැස වෙසක් කූඩූ තරඟය දිනමු යැයි කතා බහක් ඇති වන්නේ ඔය අතරේ ය.
    එහෙත් ගැටලුවකි.බට නැත.කොලත් නැත.සේරටම හපන් හදන්නට එකකුත් නැත.දවසත් ගෙවෙමින් යයි.තරඟය හෙට ය.දැන් ඉතින් වෙන කුමක් කරන්නද... සිතමින් කල් ගෙවන සමයේ ...

"ඒ හලෝ අපි මොණරෙක් හදමුද?? " 😍 අදහස පන්තියේ කලාකාරීයෙකුගෙනි.

"මොකෙක්..?? " 😒

"මෙහෙමයි හලෝ... මායි අපේ අප්පච්චී ගියපාර එකෙක් හැදුවා..."දිමා ගේ ඇස් බබලයි.
      (දිමාත් ,දිමාගේ අප්පච්චීත් ඔය වාගෙ අමුතු අමුතු මනස කලම්බන වැඩ වලට හෙනම දක්ෂය.මගේ පෞද්ගලික අත්දැකීමෙන්ම මම එය දනිමි.) 😂❤️

"ඒ කොහොමද මොණරු හදන්නේ? .. ඒක ඉක්මන්ට හදන්න පුලුවන්ද ??  "  එකෙක් විමසයි. 😕

"මෙහෙමයි හලෝ.. අපි උගෙ ඇඟ මෙහෙම හදල ...(අභිරූපනයෙන් ) ඔලුව මෙහෙම තියලා හොටක් දාලා තටු දාමු.එච්චරයි... "😃😃

"දිමා ෂුවර් ද? පුලුවන්නෙහ්? "😕
"ඔව් හලෝ නැත්තං අපට හෙට වෙද්දි ලේසිම එක් තමා මට හිතෙන්නෙ ඒක" 😊

"මැඩ්ම්ගෙ ක්වාටස් එකට එහා අර හොස්ටල් එක් පැත්තේ කැලේ අයිනෙ බට තියෙනවා .. මොකො කියන්නෙ යන්ද කපන්න?? "

   අම්මටසිරිය.දැන් ඉතින් අපට හෙන ගැම්මය.විනාඩි 5කට පෙර මුකුත් නැති අපට දැන් අදහසකුත්,සැකිල්ලට බඩුත් ඇත.මැඩම්ගේ ගෙදරින් ඉල්ලා ගත් මන්නයක්ද ගෙන ගමකට ගහන්නට මෙන් අපි 34ම කූඩූවලට බට කපන්නට කුරුලු කැලේට පැන්නෙමු.(ඔය පැන්නා කිව්වට අපි වැටෙන් මෙහා පැත්තේ සිට එහා පැත්තේ උණ පදුරෙන් බට කැපුවෙමු.)😁🙈
   
       ඒ පඳුරෙහි මන්නෙකින් කපන්නට තරම් ලොකු බට නැත.හෙන හීනී බටය.ඒක වැඩිය හොඳය.ගෙවල් වලින් බටද ,අරවාද ,මේවාද ගෙනා ඈයෝ කට ඇරන් බලා සිටිද්දී අපි අර ගැම්මෙන්ම ඉස්කෝලෙන් සොයා ගත් උණ බටත් ගෙන පල්ලම් බැස්සෙමු.
    
      කූඩුව යන්තමින් අටවා ගන්නට එදා කාලය තිබිණි.පසුදා අප එනවිට මොණරාගෙ කඳ ගුරු මේසය උඩ ය.ඔලුවද, තටුද, පන්තියේ තැන තැන ඔහේ වැද හොත්තේ ය.

    සිද්ධිය පටන් ගත්තේ ඉන් අනතුරුවය.අටපට්ටමකට කොල අලවා ඔහේ ඉන්නට සිටිතැයි සිතූ අපද මොකක් හෝ එකකට අර අදින වග එහෙ මෙහෙ පැතිරී තිබිණි.ලාස්ට් මිනිට් වැඩක් වුවද කරන්නට ගත් විට අපේ 34 එක වාගේය.මග පෙන්වීම දිමාගේ ය.සයිඩ් සපොට් එකට අනික් සේරමය.
  
        ඒ අස්සේ කාටවත් හදන්නේ කුමක්ද යැයි පවසන්නට එපා යැයි අපි කතිකාවතකට එලඹුනෙමු.අපේ පන්තිභාර ගුරුතුමා පැමිණ බලා අනුමත කරන බැල්මක් හෙලා පිටව ගියේය.කාටවත් මොනවා කරනවාදැයි නොපවසන්නැයි අපි එතුමාගෙන්ද ඉල්ලා සිටියෙමු.සර් ඉතින් ඒවාගෙ ඒවාට කවදත් හා ය.එමෙන්ම කිසිදු අන් පන්තිකාමර වාසීයෙකුට එදින අපේ පන්තියට පැමිණීම පවා අපි අපි  තහනම් කලෙමු. 😁
   
   දැන් වැඩේ යයි.

"ඔයාලා මොකද්ද හදන්නේ හලෝ?? " 😒

" හැදුවාම බලන්නකො.. " 😊

    විමසා පිලිතුරු නැති කල් හී එහෙන් මෙහෙන් එබිකම් ඇසෙයි.දොර ගාව කැරකෙයි.වෙනදා නැති තරම් අරකද,මේකද ඉල්ලන්නට එයි.හැමතිස්සේම දොර අරින්නට වෙයි.මොනරාගේ කඳද, බඩද පමණක් තවමත් සවි වී නැත.ඔත්තු බලන්නෝ එමටය.අවසානයක් නොමැති තැන් හී අපි පන්තියෙ දොර වසා අගුල දමාගත්තෙමු.😂
   
       එලියේ කසු කුසු ඉහල නගිමින් පවතින සමයේ අසල්වැසියෝ විසින් නුවණින් සිතා සොයා බලන්නට අපේ දයාබර පිසික්ස් ගුරුතුමිය එවන්නේ ඔය අතර ය.අපට ඈට දොර වසා සිටින්නට නොහැක.පහත සිදුවීමේ පුවත එසේ ය.මොණරාගේ කෑලි තවමත් සී සී කඩය.සව් කොලවලින් ඔතා ඇත.

ඈට පිටුපසින් එබෙන ඔලු ගෙඩි අපි නොසලකා හැරියෙමු.

"ළමයි ඔයාලා මොනවද හදන්නේ... ? " 😊
ඇයට ඇත්ත කියන්න බැරි නැත.එහෙත් රැකගත් රහස??

"අපි මේ... මේ අපි එලවලු වට්ටියක් හදනවා " 😁

"මොකක් හදනවා..?? " 😱
අහෝ !!! අපේ දයාබර පිසික්ස් ගුරුතුමිය.. ❤️

"එළවලු වට්ටියක් ටීචර්..මේ තියෙන්නෙ පතෝල.. බණ්ඩක්කා.." 😁

"ඈ..??" 😕

"එතකොට මේ බෝංචි..මේ වට්ටක්කා..මේ අර්තාපල් ..." 😁

මොණරාගෙ බඩ පතෝල වී ,තටු බණ්ඩක්කා වී,ඔලුගෙඩිය අර්තාපල් උනේ එහෙමය.එතුමිය කොතරම් සුහදද යත් අපට හොඳින් නිර්මාණය අවසන් කරන්නැයි කියා පිටව ගියාය.අපේ මගඩිය හසූ වූවාද යන්න නොදනිතත් ඈ පිටතට ගොස්

"ඒ ළමයි අර එළවලු වට්ටියක් හදනවා කියන්නේ" යැයි පැවසූවාය.😂

කෙසේ හෝ අපි මොකෙක් හෝ කුරුල්ලෙකු හදන වග පිටතට ගොස් තිබූ අතර එක් ගුරුතුමෙක් විත් බලා

"ළමයි ...මොකෙද්ද ඔය.....කුකුලෙක්ද?? " යැයි විමසීය.😒

ඒ අතරේ තවත් පුවතකි.ඒ එහා පන්තිය හංසයෙක් හදනා වගය.දැන් තරඟය කොච්චර දරුණුද යත් අපි එකිනෙකා හා දුටුවිට ඔරවාගන්නා තරමට තත්වය පත්වී තිබුණි.🐥
      අවසානයේ මොණරා අවසන් ය.මොණරා නිර්මාණය කල කාලයේ පන්තියද රස සාගරයකි.දවසම උගන්වන්නේ නැති මෙහෙම දවස් හෙනම අඩුය.අපට ඉතින් හරිම විනෝද ය.එහෙන් අර දිනන්න ඕනෑ යන ගැම්ම ය.මෙහෙන් මොණරා ගැන ඔත්තු බැලීම් ය.ඒ කාලයේ ඕවා මහ දේවල් වෙද්දී පන්තියෙ අභ්‍යන්තරයද රස සාගරයක් වී තිබිණි.කෙල්ලන් රොත්තකට හිකි හිකි ගාන්නට ගහක,කොලක,මලක් වුවද ඇති කියන්නේ ඒකය.

    අපේ මොණරාට ඇස් තියන්නට වෙලා මදිය.⌛️ඉතින් ඇස් ඇන්දෙමු.උගෙ බෙල්ල රඳව තිබුනේ උණ පතුරක් මත නිකම්ම ය.මොකද අපට වේලාව මදි විය.හදපු එකක් ගෙන පහලට එන්නැයි දැනුම් දෙද්දීත් අපේ මොණරාට ඔලුවක් නොවීය.😂
    සුබ නැකතින් මොණරා පහලට ගෙන ආවෙමු.උගෙ බෙල්ල තිබුනේ කාගෙදෝ අතකය.කුරුල්ලාට බෙල්ලක් නැත්දැයි අසන්නෝ බොහො වෙත් දී අපි සයන්ස් එක් ඉදිරිපස උන්දෑව ඩෙස්ක්‍ එකක් මත විරාජමාන කොට බෙල්ල අර උන පතුරෙහි රැඳවීමු.🐦

              පාසලම වෙසක් සිරි ගෙන ඇත.පිට්ටනිය මැද්දේ උඩරට නැට්ටුවෙකි.තරුද,අටපට්ටම්ද මැද තවත් නම නොදන්නා කූඩු රැසකි.අප අසල්වැසියන්ගේ හංසයා පොකුණට බැස දියෙන් කිරි වෙන් කරයි.🐥අපේ මොණරා මෙලෝ හැල හොල්මනක් නැතුව බලා ගත්තු අත බලා හිඳී.දැන්නං දිනුමත් එපා ය .අපට ඒ තරමට එතකොට හොඳ ගණන් ය.😓
    කෙසේ හෝ ඒ හැලහොල්මනක් නැති මොණරා විදුහල්පතිනිය ,උප විදුහල්පතිනියන් අධීක්ෂණයට එනතුරු බලා සිටියේ ය.

"මොකද්ද ළමයි මේ.. ? 😊

නිල්පැහැ,දම් පැහැ,කොල පැහැ පිහාටු වලින් හැඩවූ මොණරා දෙස බලා විදුහල්පතිනිය විමසයි.

"මැඩම්.. මේ මොණරෙක් " 😊 අපි පැවසවෙමු.

එවිටම වාගේ...
   අහෝ පුදුමයකි.මේ නම් ඇදහිය නොහැකිය.😱මොණරා අප විදුහල්පතිනිය වෙත සිනා පපා ඔලුව වනයි.. ඒකත් හරි තාලයකට ය.😍

"ඌ මැඩම්ට ඔලුවත් වනනවා " යැයි කවුදෝ පවසයි.😁

කෙසේ හෝ වේවා එම වසරේ අපේ එළවලු වට්ටියෙන් උපන් මොණරා විද්‍යා අංශයේ ප්‍රථමස්ථානය දිනා ගත්තේ ය.😍අපි පාසලෙන්ම දෙවැනිස්ථානය දිනුවෙමු.වාණිජ අංශයේ උඩරට නැට්ටුවා පාසලෙන්ම හොඳම පහන් කූඩූව බවට පත් විය.

සතුට යනූ අප ජයග්‍රහණය කිරීමය.ලාස්ට් මිනිට් වැඩක් ය.අනෙක මම නම් අදත්  සිතන්නෙ කූඩුවේ ලස්සන වාගේම අපේ මොණරාණෝ අපේ මැඩම්ට හිස  වනා සිය ආචාරය පුද කල නිසාම අපි ජයග්‍රහණය ලැබූ බව ය. 👏

ඉතින් එවෙලේ කුරුළු කැලෙන් ඇරඹී  පාසල හරහා හමා ගිය මද සුලඟට අප අදත් බෙහෙවින්ම ස්තූතිවන්ත වන්නෙමු. 😂

මතු සම්බන්ධයි.!!!

#මානි

සිත්තම : මේ මැරෑටි කෙලි රොත්තේ සිටි හොඳම සිත්තරියකගේය. 




Friday, July 12, 2024

The Idea of You



Someone from my close proximity told me in recent times "Maani, Love is blind". Caming it out from a real person not a book wonders me first but yes, it could be blind. Going through the pages of this book slowly slowly makes me understand how people desire for it, how it could happend in most acceptable and non acceptable ways (according to social norms) and how people have to live with the circumstances of truley being in love. 

In such a controversial topic, the way Robinne Lee wrote the story of a single mother of 40, Falling in love with a guy of 24 years old from a famous boy band, Robinne Lee truely mastered the way of her writing filling it with empathy without getting cringed. She wrote it in a way not so "fairy tale" but merging with the reality of digital age, social media abuse, the way people  hate, talk and judge about other people's lives being truely emotionless and how the target become victimized with this unappealing vindictive behavior of the society. 

Casting the Gorgeous Anne Hathaway & equally handsome #NicholasGalitzine makes it easy to relive the experience while reading it in your head and I'm happy how the movie makers end it with a hope for this innocent duo in the movie who did nothing wrong but loving each other meanwhile in the book which is not. 

In a world either east or west Love is still struggling to find its way through society norms, where we all judge others ( people who say no Im not judging, oh c'mon you do it in your heads) I want to believe that oneday Love will find it own way to make us more human than being notorious gossip mongers! 

Only for readers not judgers highly recommending... 


- The Idea of You  #RobinneLee

#Maani