"වටිනාම සිත් වටිනාම තැන්වල
මුදුව මා වෙත පෑ සිනාවන්..
නගින ඉරගිර කිරණ මෙන් බල
තාම බැබලෙන ඒ මනාවන්...
උපුල් නුවනග බැලුම් හෙල හෙල
ඔවුන් මට දුන් වාසනාවන්..
කුමට වැලපෙම් අඳුර ගල ගල
මසිත දුක් දුන් කල්පනාවන්... 🍁
අගක් මුල් නැති මැදක් නොම ඇති
හේතු සොයනා කාරණාවන්..
වියත් සිදුරෙන් හඳක් මෙන් ඇති
කාලෙකට සිහි වෙන නියාවන්..
දුරක් බොහොවිත් තවත් දුර ඇති
එකට හමු නොවු මග කියා මන්..
කිරණ දිලිසෙන සුදෝ සුදු බැති
තලාවක තනිවෙම්ද මේ මන්.. 😊
අඳුරු වැහිබර වලා තුල ඇති
රීදී එලි දිස්වන දයාවන්..
මටත් නොදැනිම මා තුලම නිති
මටම යලි මා දැනී නියාවන්..
ඉතින් කුමකට යලි දැනෙන්නැති
බැඳුම් ගැන ලොකු කාරණාවන්...
තනිය ඇති මුත් හිතට දුක් නැති
හෙටක් විය මට වාසනාවන්... !!! "💐
#මානි ✒️
අඩේ මෙන්න මගේ මාත්තුරුකාව කොපි කරලෝ
ReplyDeletehttps://ranwanmakara.blogspot.com/2017/12/blog-post_9.html
- ජෑ මා කාලී -